පසුගිය මාර්තු 20 වැනිදා චෙක් ජනරජයේ පාඩුබිස් (Pardubice) නුවර පිහිටි ආරක්ෂක උපකරණ සහ ඩ්‍රෝන යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බලධාරීන් පියවර ගෙන තිබේ රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි එක් සැකකරුවෙකු සෙනසුරාදා (04) දින චෙක් ජනරජයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු සිකුරාදා දින බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන ඇත මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර ඇමරිකානු සහ ඊජිප්තු ජාතිකයන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකු ද මේ වන විට අත්අඩංගුවේ පසුවේ
මෙම ප්‍රහාරයේ වගකීම පලස්තීන හිතවාදී ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් භාරගෙන ඇති අතර අදාළ සමාගම ඊශ්‍රායලය සඳහා ආයුධ නිෂ්පාදනය කරන බවට ඔවුන් චෝදනා කරති කෙසේ වෙතත් එල් පී පී (LPP Holding) ආරක්ෂක සමූහය පවසන්නේ ඊශ්‍රායල සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සැලසුම් කර තිබුණ ද ඒවා ක්‍රියාත්මක නොවූ බවයි රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කරන යුක්රේනය සඳහා අවශ්‍ය ඩ්‍රෝන යානා නිෂ්පාදනය කර අපනයනය කිරීම ද මෙම කර්මාන්ත ශාලාව මඟින් සිදු කරනු ලබයි
ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකිය හැකි මෙම ගිනි තැබීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන අතර බල්ගේරියාවේදී අත්අඩංගුවට ගත් සැකකරු චෙක් ජනරජයට ගෙන්වා ගැනීමට නෛතික පියවර ගනිමින් පවතී යුරෝපය පුරා ආරක්ෂක මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල වීම පිළිබඳව ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන අතර කර්මාන්ත ශාලා ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබේ යුක්රේනයට ලබා දෙන හමුදා ආධාර කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත්ද යන්න පිළිබඳව ද මේ වන විට පරීක්ෂණ පවත්වයි














