අද (07) පාර්ලිමේන්තුවේදී සභානායක බිමල් රත්නායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සිදුවූ වචන හුවමාරුවක් සභාවේ මද සිනහවට හේතු විය. සභානායකවරයා විහිළුවක් කරමින් විමසා සිටියේ අද දින පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබෙන්නේ කෘත්‍රිම බුද්ධියෙන් (AI) නිර්මාණය කරන ලද විපක්ෂ නායකවරයෙක්ද යන්නයි.
මෙයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සභානායකවරයාට පෙනීමේ දුර්වලතාවක් ඇතැයි තමා අපේක්ෂා නොකළ බවයි. එසේම, කෘත්‍රිම බුද්ධිය (AI) විෂය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට රජය පියවර ගත යුතු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. තාක්ෂණික දියුණුව පිළිබඳව දෙපාර්ශවය අතර ඇතිවූ මෙම සංවාදය සභාවේ උණුසුම් පුවත් අතර විශේෂ අවධානයක් දිනා ගත්තේය.














