ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි වී තිබෙනවා. මෙම අනුමැතිය ලබා දී ඇත්තේ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සභාපතිත්වයෙන් යුත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) එච්. එස්. එස්. තුයියකොන්තා මහතා පත් කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා. එමෙන්ම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස මොහොමඩ් නවාවි මහතාවත්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්. එම්. ඩී. ටී. වික්‍රමසිංහ මහත්මියවත් පත් කිරීමට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතා පත් කිරීම සඳහාද මෙම කාරක සභාව සිය අනුමැතිය ලබා දී තිබෙනවා.














