වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්න මහතා, තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා මාසයක කාලයක් ඉල්ලා තිබේ. මීට පෙර ඔහුට ඒ සඳහා ලබා දී තිබුණේ දින 14 ක කාලසීමාවකි. ඔහු කළ මෙම ඉල්ලීම සලකා බැලූ කථානායක කාර්යාලය, අදාළ අතිරේක කාලය ඔහුට ලබා දීමට පියවර ගෙන ඇත.
පත්වීම් ලබා ගැනීමේදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත පදනම්ව, 2026 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය තහනම් කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණි.














