• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

13 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ නව සභාවාර‍යට අදාළ පළමු රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.

ඒ අනුව පෙබරවාරි 21 වැනි අගහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පෙ.ව 9.30 සිට 5.00 දක්වා ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ අංක 2245/29 , 2248/36, 2248/37 සහ 2258/14 යන ගැසට් පත්‍රවල පළකළ නියෝග හතරක් සහ සමාගම් පනත යටතේ අංක 2303/07 දරන ගැසට් පත්‍රයේ පළකළ නියෝගය විවාද කිරීමේන අනතුරුව අනුමතිය ලබා ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

පෙබරවාරි 22 වැනි බදාදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2299/46 සහ 2299/47 දරන ගැසට් පත්‍රවල සදහන් නියෝග දෙකක් විවාද කිරීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය. ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.

පෙබරවාරි 23 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2309/40, 2311/08 සහ 2311/18 දරන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසි ත්‍රිත්වයක් මෙන්ම සුරාබදු ආඥා පනත යටතේ අංක 2290/24 ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බවද දසනායක මහතා පැවසීය.

ඉන්පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉන්ජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සහ රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව තිබේ.
අනතුරුව විරුද්ධ පාර්ශ්වය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

පෙබරවාරි 24 වැනි සිකුරාදා වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන ගරු ඩිල්ශාඩ් රොහාන් තිස්ස අබේගුණසේකර, ගරු අබ්දුල් බායිස් කමර්ඩීන්, ගරු ආතවුද සෙනෙවිරත්න සහ ගරු තිස්ස රෙජිනෝල්ඩ් බලල්ලේ යන මහත්වරුන් සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන්කර තිබේ.

Post Views: 3
Previous Post

2023 මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා සුවිශේෂී චක්‍රලේඛයක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

හෙලිකොප්ටරය හැදුවේ මැදමුලන වලව්වේ බාන්න නෙමෙයි – විමල් කියයි

editor

editor

Next Post

හෙලිකොප්ටරය හැදුවේ මැදමුලන වලව්වේ බාන්න නෙමෙයි - විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved