• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පක්ෂ මාරු, ඇමතිවරු ගණන සීමා, තාවකාලික ජනාධිපති මාස 06කට සීමා වන වගන්ති 22ට ඇතුල් විය යුතුයි – ජවිපෙ අනුර

4 October 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

22වැනි සංශෝධනයට අමාත්‍යවරු සංඛ්‍යාව සීමා කර, නියෝජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව සීමා කිරීමක් ද, ජනාධිපති ධුරය හිස්වී උපරිම වශයෙන් මාස හයකට තාවකාලිකව ජනාධිපතිවරයෙක් පත්කර ගැනිමේ යෝජනා ඇතුළත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා 22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් වනවා. අපේ රටට 1978දී ගෙන එන ලද ව්‍යවස්ථාව රටට යෝග්‍ය නොවන බව අපි සියලු දෙනා දන්නවා. විවිධ අවස්ථාවල, විවිධ අරමුණු පෙරදැරිව මේ ව්‍යවස්ථාවට විවිධ සංශෝධනයන් සිදුවී තිබෙනවා. අප උත්සාහ කරන්නේ මෙම නව ආ.ක්‍ර.ව්‍ය. සංශෝධනය වඩා යහපත් සංශෝධනයක් බවට පත් කර ගැනීමටයි. මෙම 1978 ව්‍යවස්ථාව අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් හෝ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන්නේ නැහැ. මේ නිසා දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප, මේ ආ.ක්‍ර.ව්‍ය. වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රටේ සම්මත කර ගත යුතුව තිබෙන බවට වන ස්ථාවරයක සිටිනවා. මේ විනාශකාරී විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි. මෙම විධායක ජනාධිපති ධුරය අපේ රටේ ප්‍රජාතාන්ත්‍රික ආයතන මුළුමනින්ම විනාශයට පත් කරන, තනි පුද්ගයෙක් අතට සියලු බලය කේන්ද්‍ර ගත වන තනතුරක්. එය අහෝසි වන, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් වන, ජනතාවගේ මූලික අයිතිවාසිකම් තවත් තහවුරු වන, වංචා දූසණ නාස්තියට තිත තබන රෙගුලාසි පැනවෙන නව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍යයි.

අපි පක්ෂයක් ලෙස දීර්ඝ කාලයක් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටියා. නමුත් බලයට පත්වූ ආණ්ඩු මැතිවරණවලදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස ඉදිරිපත් කළා. චන්ද්‍රිකා මහත්මිය, 2015දී රනිල්-මෛත්‍රී ආණ්ඩුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනතාවට පොරොන්දු දුන්නා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මේ පාර්ලිමේන්තුවේ 20වැනි සශෝධනය සම්මත කරගන්නා අවස්ථාවේදී ඔහුගේ දෙවැනි ධුර කාලය ආරම්භ විමට පෙර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට රටට පොරොන්දුවක් දුන්නා. ද්විත්ව පුරවැසිභාවය වැනි සශෝධන 20වැනි සශෝධනයට ඇතුළත් කරන්නේ ඒවා ඉවත් කිරීම සඳහා සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බව කියමිනුයි. ඒ වෙනුවෙන් ජනාධිපති නීතීඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයක් ආරම්භ කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඔවුන් විසින් සකස් කර තිබුණා.

මේ කිසිවක් ඉලක්ක සහගත ඵලදායී ව්‍යාපෘති බවට පත් වූයේ නැහැ. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ජනතාවගේ වුවමනාව මේ පාලකයන් විසින් ඉටු කිරීමට අසමත් වී තිබෙනවා. දැන් නැවතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නව සශෝධනයක් ගෙනැවිත් තිබෙනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනා පළමු සහ එකම ප්‍රජාතන්ත්‍රවාදී සශෝධනය 17වැනි ආ.ක්‍ර.ව්‍ය. සශෝධනයයි. ඒ ජනතා විමුක්ති පෙරමුණ, චන්ද්‍රිකාගේ ආණ්ඩුව පරිවාස පාලනයකට ලක්කිරීමෙන් පසුව මේ රටේ ජනතාවට දිනා දුන් ජයග්‍රහණයක්. එදා පාර්ලිමේන්තු නියෝජනය කළ එක් මන්ත්‍රීවරයෙක් හැර අනෙක් සියලු දෙනා 17 සම්මත කර ගැනීමට සහය දුන්නා. නමුත් මහින්ද රාජපක්ෂ 2010දී තමන්ට 2/3 ලබා ගත්තාට පසුව එම 17 අහෝසි කර එහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යටපත් කරමින් නැවත 18 වැනි සශෝධනය ගෙනාවා. නැවත 2015 මැතිවරණයෙන් පසුව 18වැනි සශෝධනය ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන 19වැනි සශෝධනය ගෙනාවා. නැවත 19 අහෝසි කර 20වැනි සශෝධනය ගෙනාවා. එහෙත් මේ පාර්ලිමේන්තුවේ මේ සංශෝධන 04ටම අත එසවූ අය ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් ඒවා අහෝසි කිරීමටත් ඔවුන් අත් ඔසවා තිබෙනවා. ගමේ මරණාධාර සමිතියකවත් මෙවැනි සාමාජිකයින් නැහැ. පස්වැනි වතාවටත් මේ පිරිස එළඹෙන සිකුරාදා 22වැනි සංශෝධනයට අත එසවීමට බලාගෙන සිටිනවා. මේ පාර්ලිමේන්තුව අරුම පුදුම පාර්ලිමේන්තුවක්.

ඒ නිසා මේ පාර්ලිමේනතුව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ගැන හෝ නව ව්‍යවස්ථාවක වුවමනාවන් පිළිබඳව උනන්දු වන කණ්ඩායම් නොවන බව ඉතාම පැහැදිලියි. ඒ මොහොතේ තමන්ගේ බඩ වියත රැකගැනීමට උපයෝගී වෙන්නේ කුමක්ද යන්න මත ඔවුන් ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ 22වැනි සශෝධනයත් වඩාත් ප්‍රජාතාන්ත්‍රික කර ගැනීමේ අවශ්‍යතාවක් අපට තිබෙනවා. ඔබට මතක ඇති, 19වැනි සංශෝධනය සකස් කරන මොහොතේදී අපි යෝජනාවක් ඉදිරිපත් කළා. අද අපේ රටේ දේශපාලනයේ විශාලතම විනාශයකට හේතු වී තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ පිල් මාරුකිරීමයි. ඇමතිකම්වලට, වරදානවලට, මුදල්වලට, ඉඩම්වලට, ගෙවල්වලට නඩු ඉවත් කර ගන්න එහෙම මෙහෙට පනින සංස්කෘතියක් තිබෙනවා. ජනතාව ඡන්දය ප්‍රකාශ කළ පසුව පාර්ලිමේනතුව එහෙට මෙහෙට පැන ජනතාවගේ මතය විකෘති කරනවා. තමන්ට ලබා දුන් ජන වරමට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුයි කියන සංශෝධනයක් අපි 19වැනි සංශෝධනයට ඉදිරිපත් කළා. 19 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී එහි මුල් පිටපතේ එය ඇතුළත්ව තිබුණා. එහෙත් කාරකසභා අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන එයට එරෙහි වූවා. විජේදාස රාජපක්ෂ එය එකඟ වුණා. පැත්ත මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි වන බවට වූ යෝජනාව ඉවත් වුණා.

තමන් ඡන්දය ලබා දී පත් කරන මන්ත්‍රීවරයා වරප්‍රසාද වරදානවලට, අපරාධවලින් හැංඟෙන්න පිල් මාරු කිරීමේ සංස්කෘතිය වෙනස් විය යුතු බව මේ රටේ ජනතාව කවුරුත් පිළිගන්නවා. ඒත් 19වැනි සංශෝධනයේදී පාර්ලිමේනතුව විශ්වාස කළේ එය නෙමෙයි. කෙසේ වෙතත් අවම වශයෙන් මෙම 22වැනි සංශෝධනයට මෙම සංශෝධනයවත් ඇතුළත් විය යුතු යැයි අපි විශ්වාස කරනවා. සම්පූර්ණ ව්‍යවස්තාවක් වෙනස් කිරීම දීර්ඝ, සංකීර්ණ ක්‍රියාවලියක්. මොවුන් එවැන්නක් කරන්නේ නැහැ. ඔවුන්ගෙන් එවැන්නක් ඉල්ලීමෙන්ද පලක් නැහැ. නමුත් අවමයෙන් පක්ෂ මාරු කළහොත් මන්ත්‍රී ධුරය අහෝසි වන බවට වන වගන්තිය ඊට ඇතුළත් විය යුතුයි.

අද අමාත්‍ය ධුර පිරිනැමීමත් ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරු 40ක්, නියෝජ්‍ය අමාත්‍යවරු 30ක්, හා තව පක්ෂයකින් එක හෝ මන්ත්‍රීවරයෙක් එකතු වෙනවා නම් එය ජාතික ආණ්ඩුවක් ලෙස හුවා දක්වා පාර්ලිමේන්තු අනුමැතියෙන් තමන්ට රිසිසේ අමාත්‍ය ධුර සංඛ්‍යාවක් පත්කර ගත හැකියි. රනිල්-මෛත්‍රී ආණ්ඩුව ඇමතිවරු 30, රාජ්‍ය ඇමතිවරු 40 කියන සීමාවේ සිටියේ නැහැ. ඔවුන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ඇමතිවරු සංඛ්‍යාව වැඩිකර ගත්තා. එය හෙටත් සිදුවිය හැකියි. එය ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙනවා. අපේ රටේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු නිශ්චිත සීමාවකින් සිටිය යුතුයි යන්නත් රාජ්‍ය අමාත්‍යවරු අහෝසි විය යුතුයි යන්නත් අපි යෝජනා කර සිටියා. ප්‍රබල ජනතා නැගිටීමක් නිසා රාජපක්ෂ ආණ්ඩුව දෙදරුම් කෑමට ලක්වුණා. ජනාධිපතිවරයාට ගෙදර යාමට සිදුවුණා. අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණා. ඇමති මණ්ඩලය කිහිප වරක්ම වෙනස් වුණා. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනතා විරෝධයක් තිබූ පැරණි කණ්ඩායම නැවත අමාත්‍ය ධුරවලට පත්කළා. තවත් අමාත්‍ය පත්කිරීම් සිදුකරන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ රටේ මහජනයාගේ ධනයත් එක්ක සූදු කෙළින්නට ජනාධිපතිවරයාට මේ ව්‍යවස්ථාව ඇතුලේ ඉඩ ප්‍රස්ථා නිර්මාණය කර තිබෙනවා.

මේ තත්වය තුළ 22වැනි සංශෝධනයට අමාත්‍යවරු සංඛ්‍යාව සීමා කර, නියෝජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව සීමා කරන යෝජනාවක් ඇතුළත් විය යුතුයි. අපේ යෝජනාවන් අනුව උපරිම අමාත්‍ය ධුර 25ක් හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 25ක් විය යුතුයි. රාජ්‍ය අමාත්‍යවරු යනුවෙන් අටමගලක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙම ධුර අවශ්‍ය නැහැ. මේ මොහොතේ රටේ දැවෙන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් එහෙට මෙහෙට මන්ත්‍රීවරු පනින එක. දෙවැන්න සිතු සිතූ ආකාරයෙන් අමාත්‍ය ධුර පත්කිරීම. මේ අවස්ථාවන් දෙකට සීමා පැනවිය යුතුව තිබෙනවා.

ඒ වගේම තවත් බරපතළ සංශෝධනයක් අවශ්‍යයි. ජනාධිපති ධුරය හිස් වූවාට පසුව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගත හැකියි. අවස්ථා දෙකකදී අපි අත්විඳ තිබෙනවා. 1993 ඩී.බී. විජේතුංග සහ මෑතකදී රනිල් වික්‍රමසිංහ. ව්‍යවස්ථාවේ ඇති මේ වගන්තිය මොනතරම් හානිකරනවාද කියනවා නම්, පාර්ලිමේන්තුවට තේරී පත්වීමට බැරි කෙනෙක් රටේ විධායක බලය හොබවන ජනාධිපති බවට පත්වෙනවා. යම් හෙයකින් ජනාධිපතිවරයා තේරී පත්වී කෙටි කාලයකින් මාස, දෙකක්, තුනක්, හයක් ජනාධිපති ධුරය හිස් වුවහොත් පාර්ලිමේන්තුවට හැකියාව තිබෙනවා, විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් අවුරුදු හතරහමාරකට පත්කර ගැනීමට. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි, ජනතා පරමාධිපත්‍යය නියෝජනය නොවෙන වගන්තියක්.

ඒ නිසා අපි යෝජනා කරනවා, ජනාධිපති ධුරය හිස්වී උපරිම වශයෙන් මාස හයකට තාවකාලිකව ජනාධිපතිවරයෙක් පත්කර ගත හැකියි. මාස හයක් ඉක්මවා යාමට පෙර නව ජනාධිපතිවරයෙකුට ජනවරමක් ලබාදිය යුතුයි. ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය ගතවෙන්නේ අවුරුදු දෙකහමාරයි. තව වසර දෙකහමාරක් රනිල් වික්‍රමසිංහට තිබෙනවා. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි කෙනෙක්. එහෙත් මේ ව්‍යවස්ථාව ඇතුලේ තිබෙන ඉඩ ප්‍රස්ථාව අනුව ඔහු විධායක ජනාධිපති ධුරය හොබවනවා. අපගේ යෝජනාව වන්නේ ජනාධිපති ධුරය හිස්වී උපරිම මාස හයක් ඇතුළත නව ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි යන්නයි. එම යෝජනාව මෙම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතුයි.

අපේ රටේ අධිකරණයකින් දඬුවම් ලබපු අය අමාත්‍ය ධුර දරනවා. මිනීමැරුම් චෝදනා ලබපු අය මහාධිකරණයේ දඬුවම් ලබපු අය ඇමති ධුර දරනවා. මේක එහෙම රටක්. එවැනි සංශෝධන මේ අයගෙන් ඉල්ලා පලක් නැහැ. වඩාත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් අපට අවශ්‍යයි. එවැනි ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ අපි පෙනී සිටිනවා. එතෙක් අඩුම තරමින් 22වැනි සංශෝධනයේදී මේ නිශ්චිත මොහොතේ බැරෑරුම් ලෙස කල්පනා කළ යුතු ප්‍රශ්න තුනක්වත් ආවරණය වන පරිදි ව්‍යවස්ථා සංශෝධනය විය යුතු යැයි අපි යෝජනා කරනවා. යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් පල කලේය.

 

 

 

Post Views: 8
Previous Post

IMF කෙටුම්පත ගිවිසුමෙන් පසුව විස්තර දෙනවා – අගමැති

Next Post

කොළඹ – 10, ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයේ දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක්

editor

editor

Next Post

කොළඹ - 10, ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයේ දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved