ලෝක පූජිත සංගීතවේදී පෝල් මැකාට්නි (Paul McCartney) වසර හයකට පසු සිය නවතම ගීත ඇල්බමය වන ‘The Boys Of Dungeon Lane’ එළිදැක්වීමට සූදානම් වන බව අද (මාර්තු 27) නිවේදනය කළේය. මෙය 2020 වසරේ නිකුත් වූ ‘McCartney III’ ඇල්බමයෙන් පසු ඔහු නිකුත් කරන ප්‍රථම නිර්මාණය වන අතර, එය ඔහුගේ ජීවිතයේ අතිශය පෞද්ගලික සහ අතීතාවර්ජනාත්මක (Introspective) නිර්මාණ එකතුවක් ලෙස හැඳින්වේ.
මෙම ඇල්බමයේ නාමය වන ‘Dungeon Lane’ යනු ලිවර්පූල් නුවර සිට ස්පීක් (Speke) වෙරළ තීරය දක්වා දිවෙන මාර්ගය වන අතර, එහිදී මැකාට්නි සිය ළමා කාලය ගත කර ඇත. පශ්චාත් යුද සමයේ ලිවර්පූල්හි ගත කළ ළමා කාලය, ඔහුගේ දෙමව්පියන්ගේ කැපවීම් සහ බීට්ල්ස් (Beatles) කණ්ඩායම ලොවක් හඳුනා ගැනීමට පෙර ජෝර්ජ් හැරිසන් සහ ජෝන් ලෙනන් සමඟ ගත කළ මුල් කාලීන මතකයන් පිළිබඳව මෙහිදී ඔහු ඉතා විවෘතව සහ සංවේදීව ගීත නිර්මාණය කර ඇති බව වාර්තා වේ.
සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන පෝල් මැකාට්නිගේ මෙම නව ඇල්බමය ඔහුගේ රසිකයන් හට “අසිරිමත් කතාවට පෙර වූ සැබෑ කතාව” (The story before THE story) හෙළිදරව් කරන අපූරු නිර්මාණ එකතුවක් වනු ඇතැයි විචාරකයෝ පවසති.














