ඇඹිලිපිටිය – උඩවලව මාර්ගයේ 52 කණුව ආසන්නයේදී ඊයේ (05) රාත්‍රී කාලයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි. ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිදුවූ අවස්ථාවේ යතුරුපැදිකරු ද තුවාල ලබා මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














