පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 642ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. අද (29) දහවල් කාලයේදී මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.
සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, අදාළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය හඳුනාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.













