පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් ආහාර අලෙවි කළ හෝටල් හිමියන් පස්දෙනෙකුට රුපියල් 25,000 බැගින් දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහත්මිය අද (11) නියෝග කළාය. සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ආහාර ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම සහ අලෙවි කිරීම යන චෝදනාවලට වරද පිළිගැනීම හේතුවෙන් මොවුන්ට මෙම දඩය නියම විය.
පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් පසුගිය 05 වැනිදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම හෝටල් හඳුනාගෙන තිබූ අතර, එහිදී සොයාගත් අහිතකර තත්ත්වයන් මත පදනම්ව මෙම නඩු පවරා තිබිණි. මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත පෑලියගොඩ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම මෙහෙයවා තිබේ.














