ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 200කට අධික අතිරේක ප්‍රතිපාදන අනුමත කරන ලෙස ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය ධවල මන්දිරයෙන් ඉල්ලා තිබේ. වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරන පරිදි, මෙම මුදල ට්‍රම්ප් පරිපාලනය යටතේ මෙතෙක් දියත් කළ මෙහෙයුම් සඳහා වැය වූ පිරිවැය අභිබවා යන්නකි. යුද්ධය සඳහා දැනට වැය කර ඇති තීරණාත්මක අවි ආයුධ නිෂ්පාදනය කඩිනමින් ඉහළ නැංවීම මෙම අරමුදල් ඉල්ලීමේ ප්‍රධාන අරමුණ වී ඇත. පෙන්ටගනය විසින් ඉදිරිපත් කළ මෙම නවතම ඉල්ලීම ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය තුළ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය කරනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.














