මෙම මාස්කන්නයේ තුළ මෑත ඉතිහාසයේ විශාල වශයෙන් ගොවිතැන් කර තිබෙන කන්න හැටියට සැලකිය හැකි අතර විශාල ආදායමක් සහ නිෂ්පාදනයක් අපේ රටට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (05) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “අවුරුද්දක වගේ කෙටි කාලයක් තුළ අපේ රටේ ජන ජිවිතය යම්කිසි මට්ටමකට පත් කරන්න වර්තමාන රජයට පුළුවන් වෙලා තිබෙනවා කියන එක කවුරුත් පිළිගන්න අවශ්‍යයි. උද්දමනය විශාල වශයෙන් අඩුවෙමින් පවතිනවා. ඒ වගේම ඩොලරයේ වටිනාකම අඩුවෙලා රුපියලේ වටිනාකම ඉහළ යනවා. ඒ වගේම ඊයේ පෙරේදා ගෙනාපු පනත යටතේ ණය ප්‍රතිව්‍යුහකරණ වැඩපිළිවෙලත් ඉතාමත් සාර්ථකවෙලා තිබෙනවා. ජනතාවගේ සුබසාධනයට තිබෙන, යහපතට තිබෙන මුදල් පාවිච්චි කරලා නැහැ. ගරු ජනාධිපතිතුමා ඉතාම හොඳ කළමණාකරණයකින් මහජනතාවට පීඩාවක් නොවන විදිහට මෙම වැඩපිළිවෙල මේ වන කොට සකස්කරලා තිබෙනවා. ඒ වගේම කියන්න සතුටුයි ස්වභාවධර්මයත් අපිට ඉතාම ඵලදායි විදිහට ඒ ප්‍රතිපල ලබාදෙනවා. ජලාශ ටික හිදිගෙන යනකොට වහිනවා. ඒ වගේම මේ මාස්කන්න තුළ මෑත ඉතිහාසයේ වැඩියෙන්ම ගොවිතැන් කරලා තිබෙන කන්න හැටියට අපිට සලකන්න පුළුවන්. විශාල ආදායමක් ජාතික ආදායම හැටියට විශාල නිෂ්පාදනයක් ජාතික නිෂ්පාදනයක් හැටියට අපේ රටට එනවා. ආහාර නිෂ්පාදනය වැඩිවෙන කොට මිල අඩුවෙයි. ජනතාවට සහන මිලට තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරාගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා පහුගිය කාලයේ තිබුණ අභියෝග ජය අරගෙන අපි ඉස්සරහට යන වෙලාවක්. මේ වෙලාවේදි විපක්ෂයට තිබෙන්නේ අපිට සහයෝගය දීමයි. පළාත් පාලන මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ මොන මැතිවරණයක් ආවත් අපිට පුළුවන් ජයග්‍රහණය කරන්න. ඒ වගේම අපේ අනෙක් පක්ෂවල අයත් ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන කතා කර කර ඉන්නේ නැතිව තම තමන්ගේ පක්ෂ ටික හදා ගත්තනම් ඡන්දයට බය නැතිව ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ පිරිස කරන්නෙම ආණ්ඩුවේ කකුලෙන් ඇඳ ඇඳ ඉන්න එකයි. නමුත් කකුලෙන් ඇදලා වට්ටන්න හැදුවට ආණ්ඩුව වට්ටන්න බෑ කියන එක ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් දැන් යන වැඩපිළිවෙලත් එක්ක. ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.