• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

පීපල්ස් රක්‍ෂණ සමාගම නවීන තාක්‍ෂණික සේවා කවුළුවක් මහජන බැංකු මූලස්ථානයේදී විවෘත කරයි

2 November 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිය ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ඨ රක්‍ෂණ සේවාවක් ලබා දීමේ අරමුණින් නවීන තාක්‍ෂණයෙන් සමන්විත රක්‍ෂණ සේවා කවුඵවක් නො. 75, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02 යන ස්ථානයේ පිහිටි මහජන බැංකු මූලස්ථානයේ දී විවෘත කිරීම පසුගියදා සිදු විය.

රාජ්‍ය ආයත අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරමින් පීපල්ස් රක්‍ෂණ සමාගම, මහජන බැංකුව සමඟ එක්ව මෙම සුවිශේෂී නවීන පහසුකම් සහිත සේවා කවුළුව විවෘත කිරීමට යොමු වූයේ, සිය සමස්ත ගනුදෙනු කරුවන් වෙත රක්‍ෂණ සේවාවන් ලබා ගැනීම සඳහා පහසු ප්‍රවේශයක් නිර්මාණය කිරිමේ අරමුණිනි.

පවතින කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වනු ලැබූ මෙම නව සේවා කවුළුව විවෘත කිරීමේ අවස්ථාව, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්‍ෂ, පීපල්ස් රක්‍ෂණ සමාගමේ සභාපති ඉසුරු බාලපටබැඳි, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී රන්ජිත් කොඩිතුවක්කු, පීපල්ස් රක්‍ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දීපාල් අබේසේකර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. තවද එම අවස්ථාව සඳහා ගනුදෙනුකරුවන් සහ මහජන බැංකුවේ සහ පීපල්ස් රක්‍ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.

මහජන බැංකුවේ ස්ථාපිත මෙම නව ව්‍යාපාරික කවුඵව වෙතින් මහජන බැංකුවේ ගනුදෙනුකරුවන් සහ එහි කාර්ය මණ්ඩලය ප්‍රමුඛ සේවාදායකයන් වෙත ආයතනික සහ පුද්ගලික රක්‍ෂණ විසඳුම් මාලාවක් අත්විඳ ගැනීමේ අවස්ථාව මෙයින් සළසා දී ඇත. මේ යටතේ වානිජ දේපළ රක්‍ෂණය, නාවික රක්‍ෂණය, වගකීම් රක්‍ෂණය, කණ්ඩායම් සෞඛ්‍ය රක්‍ෂණය මෙන්ම පුද්ගලික රක්‍ෂණ, නිවාස රක්‍ෂණ, පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ, සූර්ය පැනල රක්‍ෂණ, මෝටර් රථ රක්‍ෂණය සහ සංචාරක රක්‍ෂණය ආදී සාමාන්‍ය රක්‍ෂණාවරනයන් ගනුදෙනුකරුවන් වෙත ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත.

තවද මෙම රක්‍ෂණ කවුළුව මගින් සපයනු ලබන රක්‍ෂණ පහසුකම් වලට අමතරව, පීපල්ස් රක්‍ෂණ ආයතනය විසින් සිය ගනුදෙනු කරුවන් වෙත විශේෂ සේවා රැසක් සැපයීමට ද ඉදිරිපත්ව ඇත. මේ යටතේ මාර්ගගත සේවාව (Online) ඔස්සේ රක්‍ෂණ යෝජනා පිරවීම, රක්‍ෂණ ආවරණ ගැලපීම්, වාරික පියවීම්, රක්‍ෂණ ආවරණ සටහන් නිකුත් කිරීම, රක්‍ෂණ සැලසුම් පිළිබඳ තොරතුරු ලබාගැනීම, මෙන්ම හිමිකම් සැකසීම සහ ලේඛන කළමනාකරණය වැනි මාර්ගගත නොවන (offline) සේවා ද ලබාගැනිමේ අවස්ථාව ලබා දී ඇත.

සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වඩාත් සාර්ථක ආකාරයෙන් ඉටුකිරීම සිය ඒකායන අරමුණ බවට පත් කර ගනිමින් මෙම නව සේවා කවුළුව මගින් පීපල්ස් රක්‍ෂණ ආයතනය සිය ගනුදෙනුකරුවන් වෙත තරඟකාරී සහ ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පිරිනමයි. ඒ යටතේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙත පොලී රහිත පහසු වාරික ගෙවීමේ සැලසුමක් ලබා ගැන්මේ හැකියාව ද ඇත.

නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය තුළින් රක්‍ෂණ වෙළෙඳපොළ මෙහෙයවීම් කාර්යයේ දී, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ නව සේවා කවළුව විවෘත කිරීම, කාර්ය බහුල ප්‍රදේශයක සියලුම පුද්ගල සහ ආයතනික රක්‍ෂණ ඔප්පු හිමියන්ගේ මූල්‍ය අනාගතය සුරක්‍ෂිත කිරීමේ ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකි.

 

පිටපත _ PR

 

 

Post Views: 5
Previous Post

සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Next Post

සම්ප්‍රදායික නොවන අයවැයක් – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර

editor

editor

Next Post

සම්ප්‍රදායික නොවන අයවැයක් - ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved