ලබන ජූලි මාසයේ ලන්ඩනයේ පැවැත්වීමට නියමිත වයර්ලස් (Wireless) රැප් සහ ආර් ඇන්ඩ් බී (R&B) සංගීත උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ පෙප්සි සමාගම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර තිබේ මෙයට හේතුව වී ඇත්තේ පසුගිය කාලසීමාව පුරා යුදෙව් විරෝධී ප්‍රකාශ (Antisemitic remarks) සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කන්යේ වෙස්ට් මෙම උළෙලට සහභාගී වීමට නියමිතව තිබීමයි පෙප්සි සමාගමට අමතරව ජොනී වෝකර් (Johnnie Walker) සහ කැප්ටන් මෝගන් (Captain Morgan) වැනි ප්‍රකට සන්නාමයන් හිමිකාරීත්වය දරන ඩියාජියෝ (Diageo) සමාගම ද සංගීත උළෙලට ලබා දෙන අනුග්‍රහය නතර කර ඇත
බ්‍රිතාන්‍ය අගමැති සර් කීර් ස්ටාමර් ඇතුළු දේශපාලන නායකයන් රැසක් කන්යේ වෙස්ට්ගේ පැමිණීම පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර ඔහුට බ්‍රිතාන්‍යට ඇතුළු වීම තහනම් කරන ලෙස ද ඇතැම් පිරිස් බලකර සිටිති අගමැතිවරයා පවසා ඇත්තේ යුදෙව් විරෝධය කිසිසේත් ඉවසිය නොහැකි බවත් බ්‍රිතාන්‍යය යුදෙව් වැසියන්ට ආරක්ෂිත ස්ථානයක් විය යුතු බවත්ය මීට පෙර ද කන්යේ වෙස්ට් සිදුකළ මෙවැනි ප්‍රකාශ නිසා ඇඩීඩාස් (Adidas) වැනි ලෝක ප්‍රකට සමාගම් ඔහු සමඟ පැවැති ගිවිසුම් නතර කර තිබුණි
කන්යේ වෙස්ට් තමා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මාසයේදී සමාව අයැද සිටි අතර තමා මානසික පීඩනයකින් (Bipolar disorder) පසුවීම නිසා එලෙස හැසිරුණු බව පවසා තිබුණි කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ යුදෙව් මණ්ඩලය ඇතුළු සංවිධාන රැසක් පවසන්නේ වෛරී ප්‍රකාශ පතුරුවන පුද්ගලයන්ට මෙවැනි වේදිකාවන් ලබා නොදිය යුතු බවයි වයර්ලස් සංගීත උළෙලේ වෙබ් අඩවියෙන් අනුග්‍රාහකයන්ගේ තොරතුරු මේ වන විට ඉවත් කර ඇති අතර උළෙල සංවිධායකයන් මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත












