පේරාදෙණිය දුම්රිය පාලම (යකා පාලම) ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු දැඩි ප්‍රමාදයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පෙන්වා දෙන්නේ ඉදිකිරීම්වල පවතින අක්‍රමිකතා හේතුවෙන් පාලම නැවතත් අබලන් තත්ත්වයට පත්ව ඇති බවයි. ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පාලමට හානි සිදුවී මාස තුනක් ගතවී ඇතත්, බලධාරීන් පොරොන්දු වූ පරිදි අප්‍රේල් 28 වැනිදාට පෙර එහි වැඩ නිම කිරීමට නොහැකි වනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.
පාලම නැවතත් එක් පසෙකට ඇලවීමට පටන් ගෙන ඇති නමුත් ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැති බව සෝමරත්න මහතා චෝදනා කරයි. මේ හේතුවෙන් මහනුවර දෙසට රැකියා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් දිනපතා දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව ඔහු සඳහන් කළේය. එසේම උලපනේ-නාවලපිටිය දුම්රිය මාර්ගයේ මාස තුනක සිට නතර කර ඇති දුම්රියක් ඉවත් කිරීමට පවා දුම්රිය දෙපාර්තමේන්තුව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.














