කණ්ඩලම ජලාශයේ වාන ආසන්නයේ දිය නෑම සඳහා තහනම් කර ඇති අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගිය 22 හැවිරිදි පී.ජී. මධුසංක ලහිරු බණ්ඩාර නැමැති තරුණයෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මාවනැල්ල, තම්බුක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සංවිධානය කළ විනෝද චාරිකාවකට සහභාගී වී සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. දිය නෑම නුසුදුසු බවට රතු කොඩි ප්‍රදර්ශනය කර තිබූ ස්ථානයකින් දියට බැස ඇති මෙම තරුණයා බේරා ගැනීමට අසල සිටි පිරිස උත්සාහ කළ ද, එම ස්ථානයේ පවතින අධික ගැඹුර සහ ගල් සහිත ස්වභාවය නිසා එය ව්‍යර්ථ වී තිබේ. පසුව දඹුල්ල පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව තරුණයා ගොඩට ගෙන දඹුල්ල රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ඔහු මියගොස් සිටි අතර, අනතුරු ඇඟවීම් පුවරු නොසලකා හැරීම මෙවැනි අකල් මරණවලට ප්‍රධාන හේතුව වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි.














