රැකියා විරහිත උපාධිධාරීන් 51000 කට රජයේ ස්ථීර පත්වීම් ලබා දීම 2022 ජනවාරි 03 වනදායින් ආරම්භ වන බවත්, ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස උසස් අධ්‍යාපන ආයතනවලින් බිහිවූ තරුණ ප්‍රජාව රැකියාගත කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව දැනට පුහුණුව ලබන රැකියා විරහිත උපාධිධාරීන් 51000 ම , රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස 2022 ජනවාරි 03වනදා නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කෙරෙන අතර, ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42500ක පමණ පිරිසගේ සේවය එදින ම ස්ථීර කරන බව හෙතෙම පැවසිය.
2021 පෙබරවාරි හා මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් පිරිස, වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු 2022 අප්‍රේල් 1 වැනිදා ස්ථීර කිරීමට නියමිත බව ඔහු කියා සිටියේය.