කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මංකඩ ප්‍රදේශයේදී අද (පෙබරවාරි 14) රාත්‍රී 7:45 ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, තුවාලකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ. අද රාත්‍රී කාලයේදීම කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී ද තවත් වෙඩි තැබීමක් වාර්තා වූ අතර ඉන් ද පුද්ගලයෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා තිබුණි.














