දශකයක පමණ කාලයක් පුරා පවතින දේශපාලන අස්ථාවරත්වය නිමා කිරීමේ අරමුණින් පේරු රාජ්‍යයේ මහ මැතිවරණය එළඹෙන අප්‍රේල් 12 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතය. මෙවර මැතිවරණයේදී ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු තරඟ කරන අතර, එය එරට ඉතිහාසයේ වාර්තාගත ඉහළම අපේක්ෂකයින් සංඛ්‍යාව වේ. මේ හේතුවෙන් එරට ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව (සෙන්ටිමීටර 44) මෙවර භාවිත කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
ඡන්දදායකයින් මිලියන 27 ක් පමණ සුදුසුකම් ලබා ඇති මෙම මැතිවරණයේදී ප්‍රධානතම අවධානය යොමුව ඇත්තේ දූෂණය සහ ඉහළ යන අපරාධ රැල්ල මැඩලීම කෙරෙහිය. මත විමසුම්වලට අනුව දකුණේ මතධාරී අපේක්ෂිකා කයිකෝ ෆුජිමෝරි (Keiko Fujimori) සුළු ඉදිරියකින් පසුවන අතර, අන්ත කොන්සර්වේටිව් අදහස් දරන රෆායෙල් ලෝපෙස් අලියාගා, මාධ්‍ය ව්‍යවසායක රිකාඩෝ බෙල්මොන්ට් සහ හිටපු විකට නළුවෙකු වන කාර්ලෝස් අල්වාරෙස් ඇයට දැඩි අභියෝගයක් එල්ල කරමින් සිටිති. කිසිදු අපේක්ෂකයෙකුට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින්, ලබන ජුනි මාසයේදී දෙවැනි වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව විචාරකයෝ පවසති.














