ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට දැඩි අවධානයට ලක්ව සිටින ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth), එරට හමුදා නිලධාරියෙකු සමඟ අතට අත දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ. එම අවස්ථාවේදී ඔහු සිදු කළ අත් ඉරියව්ව සාමාන්‍ය එකක් නොවන බවත්, එය රහසිගත “ෆ්‍රීමේසන්” (Freemason) සංවිධානයට සම්බන්ධ සංකේතයක් බවත් පවසමින් බොහෝ පිරිස් විවිධ මත පළ කරති.
සමාජ මාධ්‍ය පරිශීලකයින් චෝදනා කරන්නේ හෙග්සෙත් මෙම රහස් සංකේතය කැමරාව ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කර ඇති බවයි. “ඔහු මෙය කැමරාව ඉදිරියේ කළා යැයි සිතිය නොහැකියි, එම අතට අත දීම කිසිසේත්ම අහම්බයක් නොවේ” යනුවෙන් X (ට්විටර්) පරිශීලකයින් සිය අදහස් පළ කර ඇත. කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා හෝ ඇමරිකානු ආරක්ෂක අංශ මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.














