රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සංවිධානය කරන ලද අත්සන් ලක්ෂයේ මහජන පෙත්සමට අත්සන් තැබීම අද (14) මහරගමදී ආරම්භ විය. නව ජනතා පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන “සලේ දඟමගට යවන මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව පළමු හඬ” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරිණි.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සුරේෂ් සලේ මහතාගේ සුවදුක් විමසීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක නියෝජිත පිරිසක් අද පැමිණියද, ඔවුන්ට ඒ සඳහා අවසර හිමි නොවූ බව වාර්තා වේ. අධිකරණ නියෝගයක් සහිතව පැමිණෙන ලෙස එහිදී ඔවුන්ට දැනුම් දී තිබේ.














