සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අද (11) සිට අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී ‘QR’ ක්‍රමවේදය අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
අද පැවති මාධ්‍ය හමුවකදී එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ පාරිභෝගිකයන්ට පවතින අපහසුතා මඟහරවා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි. කෙසේ වෙතත්, ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංක තහඩුවේ ඔත්තේ සහ ඉරට්ටේ (Odd/Even) අංක සැලකිල්ලට ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක වන බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














