දකුණු චීන මුහුදේ ස්ප්‍රැට්ලි දූපත් සමූහය (Spratly Islands) ආශ්‍රිතව පිහිටි තීටු (Thitu) දූපතේ සිය ප්‍රථම විශේෂිත වෙරළාරක්ෂක විධාන මධ්‍යස්ථානය විවෘත කිරීමට පිලිපීනය අද (අප්‍රේල් 9) පියවර ගෙන තිබේ. චීන නෞකා සමඟ නිරන්තරයෙන් ගැටුම්කාරී තත්ත්වයන් හටගන්නා මෙම සුවිශේෂී කලාපයේ පිලිපීන බලය තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි.
මීට පෙර පලවාන් (Palawan) දූපතේ සිට පාලනය වූ මෙම කලාපය සඳහා දැන් වෙනම වෙරළාරක්ෂක දිස්ත්‍රික්කයක් ස්ථාපිත කර ඇති අතර, එමඟින් වර්ග කිලෝමීටර් 68,000ක පමණ සාගර කලාපයක් ආවරණය කෙරේ. දකුණු චීන මුහුදේ පවතින භූ-දේශපාලනික අර්බුදය හමුවේ සිය සමුද්‍රීය ආරක්ෂාව සහ ස්වෛරීභාවය සුරැකීමට පිලිපීනය ගත් තීරණාත්මක පියවරක් ලෙස මෙය සැලකේ.
පිලිපීනය මෙම නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමත් සමඟ කලාපයේ ආරක්ෂක කටයුතු වඩාත් විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මෙම පියවර සම්බන්ධයෙන් චීනය දක්වන ප්‍රතිචාරය පිළිබඳව ද ජාත්‍යන්තර අවධානය යොමුව පවතී.















