පිළියන්දල, සිකුරාදාපොල ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණ මන්නා පිහියක් පෙන්වා නිවැසියකුට පහර දීමට උත්සාහ කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබේ. ඊයේ (05) රාත්‍රී 9:00ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ ඇති මෙම සැකකරු, අදාළ නිවසේ ගේට්ටුවට තට්ටු කර එය විවෘත කළ තරුණයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ මුහුණතෙහි (Wallpaper) පොලිස් නිලධාරියෙකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කර තිබීම පොලිසියේ විශේෂ අවධානයට ලක්ව ඇත. එම ඡායාරූපය සැකකරුගේම ද නැතහොත් වෙනත් අයෙකුගේ ද යන්න පිළිබඳව පිළියන්දල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවේ.














