දිවයිනට බලපෑ ‘Ditwa’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව යළි පදිංචි කරවීම සහ සහන සැලසීම වෙනුවෙන් රජය පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශක්තියක් වෙමින් PIOTEX GLOVES PVT LTD සමාගම රුපියල් 2,112,000ක (රුපියල් විසිඑක් ලක්ෂ දොළොස්දහසක) මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.
මෙම පරිත්‍යාගය PIOTEX GLOVES සමාගම සහ එහි සේවක සුබසාධක සංගමය එක්ව එකතු කරන ලද මුදලකින් සමන්විත වීම විශේෂත්වයකි. ඩිට්ෝ සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට සහ අවතැන් වූ පවුල්වලට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට මෙම අරමුදල භාවිතා කිරීමට රජය සැලසුම් කර ඇත.
ඊට අදාළ චෙක්පත Piotex Gloves සමාගමේ සහකාර ගණකාධිකාරී ගාමිණී ප්‍රසන්න මහතා විසින් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ව්‍යසන අවස්ථාවන්හිදී මෙරට පෞද්ගලික අංශය දක්වන සමාජ වගකීම සහ සහයෝගය අගය කළ ජනාධිපති ලේකම්වරයා, මෙවැනි පරිත්‍යාග පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට විශාල ශක්තියක් වන බව මෙහිදී ප්‍රකාශ කළේය.














