• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

PLC සමාගම වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ක්‍රීඩා පාවහන් පරිත්‍යාග කරයි

9 February 2024
in පුවත්, වෙනත්
PLC සමාගම වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ක්‍රීඩා පාවහන් පරිත්‍යාග කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්රමුඛතම වන People’s Leasing & Finance PLC (PLC), තම සමාජ මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, මැණික්හින්න වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්, ධාවන ක්‍රීඩා සඳහා භාවිතා කරන පාවහන් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය.

මීට පෙර, ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් තරුෂි සේනාරත්නට අනුග්‍රහය ලබාදීමට PLC කටයුතු කළ අතර, එම මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන් මේ ආකාරයට වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ක්‍රීඩා පාවහන් පරිත්‍යාග කිරීම සිදුකෙරිණි. එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන තරුෂි සේනාරත්නගේ සාර්ථකත්වය, ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම සඳහා එම විද්‍යාලය සතු හැකියාව රටට පෙන්වා දුන් අවස්ථාවක් විය.

අතීතයේ පටන්ම එම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජාතික මට්ටමේ ක්‍රීඩා ඉසව් රැසකදී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වී තිබේ. එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උනන්දුව හා කැපවීම හඳුනා ගනිමින්, ඔවුන්ට අත්‍යාවශ්‍යව තිබූ මෙම ක්‍රීඩා පාවහන් පරිත්‍යාග කිරීමට PLC සමාගම කටයුතු කළේ ය.

මේ වනවිට එම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 70 ක් පමණ සක්‍රීය ලෙස මළල ක්‍රීඩාවන්හි නිරත වී සිටිති. මේ අතරින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට ධාවන ක්‍රීඩා පාවහන් පරිත්‍යාග කිරීමට PLC සමාගම පියවර ගත්තේ ය. විද්‍යාලයේ විදුහල්පතිතුමන් පැවසූ පරිදි, මෙම පරිත්‍යාගය එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම ක්‍රීඩා දක්ෂතා තවදුරටත් ඔප්නංවා ගැනීම සඳහා ඉමහත් පිටිවහලක් වනු ඇත. මෙවැනි උදාර කර්තව්‍යයන් ඔස්සේ රට තුළ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීමේ මෙහෙවරට අඛණ්ඩව උරදීම PLC සමාගමේ අපේක්ෂාව වී තිබේ.

“තරාතිරම නොබලා සැමට අත්වැලක් විය යුතු බව PLC සමාගමේ විශ්වාසයයි. දක්ෂතා සහිත පුද්ගලයන්ට සහය වෙමින්, ඔවුන් වෙනුවෙන් අවදානමක් ගැනීම තුළින් ඔවුන්ට තම දක්ෂතා වැඩිදියුණු කරගනිමින් රටට කීර්තියක් අත්කර දීමට හැකියාව ලැබෙනවා. මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය තරුණ පරම්පරාව සවිබල ගැන්වීමට, කුසලතා පෝෂණය කිරීමට සහ ඔවුන්ගේ පරිපූර්ණ සංවර්ධනයට දායක වීමට අප තුළ ඇති කැපවීම පිළිබිඹු කරන සාධකයක් ලෙස හැඳින්විය හැකියි. වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්වැලක් වෙමින් ඔවුන්ගේ අධ්‍යාපන ගමන්මග ශක්තිමත් කිරීමට දායක වීමට හැකි වීම අපට සතුටක්. අප ඔවුන්ට සුබ පතන අතර, ඔවුන්ගේ අනාගත දක්ෂතා දැකබලා ගැනීමට අප ඉමහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා. එමෙන්ම වසරකට මෙම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන් දෙනෙකුට රැකියා අවස්ථා ලබාදීමටත් අප සූදානම්. මෙය දක්ෂතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම ක්‍රීඩා සිහින හඹා යන අතරම මූල්‍යමය පිටුබලය සඳහා සාර්ථක රැකියා ජීවිතයක් ගොඩනංවා ගැනීමට උපකාරී වේවි.” PLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ශමීන්ද්‍ර මර්සිලීන් මහතා පැවසී ය.

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සාමාන්‍යයෙන් ආබාධ ඇතිවීමේ අවදානමට වැඩි වශයෙන් මුහුණ දෙති. මේ අතරින් ඇතැම් ආබාධ නිත්‍ය හෝ පාර්ශවීය ආබාධ විය හැකි තර, එය ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතයට මෙන්ම ආදායමටද අහිතකර ලෙස බලපායි. මේ හේතුවෙන් තරුෂි සේනාරත්න ක්‍රීඩිකාවට වසර 10 ක කාලයක් සඳහා වලංගු පරිපූර්ණ රක්ෂණාවරණයක් නොමිලේ ලබාදීමට PLC සමාගම කටයුතු කළේ ය. ඒ අනුව ඉදිරි දශකයක කාලය තුළ කිසියම් ආබාධයකට ලක්වුවහොත් ඒ සඳහා වන්දි ලබාගැනීමට ඇයට අවස්ථාව හිමි වේ. එමෙන්ම තම ක්‍රීඩා ජීවිතයේ ඉදිරියට යන අතර මූල්‍ය ස්ථාවරත්වය ළඟා කරගැනීමට අත්වැලක් වීම සඳහා ඇයට අභ්‍යන්තර රැකියා අවස්ථා පිරිනැමීමටද PLC සමාගම ඉදිරිපත් වී සිටී. සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන මූලධර්ම හා ඉලක්ක යටතේ ක්‍රියාත්මක වන මෙවැනි සත්කාරයන්, වගකීම්සහගත ආයතනික ක්‍රියාකාරකම් ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාවන්ට සාධනීය බලපෑමක් ඇතිකිරීම සඳහා PLC දරන උත්සාහයට මනා සාක්ෂියකි.

PR

Post Views: 6,615
Previous Post

විශාල සහල් ව්‍යාපාරිකයින්ට හොරා කන්න දිලා රජය පැත්තකටවෙලා සිටීම වැරදියි – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

Next Post

සියලු පුරවැසියන්ට බදු ෆයිල් සැකසීම ප්‍රායෝගික නෑ – මන්ත්‍රී පාඨලි

editor ttvnews

editor ttvnews

Next Post
මම පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා නෙමෙයි – මන්ත්‍රී පාඨලි

සියලු පුරවැසියන්ට බදු ෆයිල් සැකසීම ප්‍රායෝගික නෑ - මන්ත්‍රී පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025

Recent News

විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved