• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

PLC සමාගම CA Sri Lanka TAGS Awards 2023 හිදී රිදී සම්මාන දිනයි

18 January 2024
in ව්‍යාපාර
PLC සමාගම CA Sri Lanka TAGS Awards 2023 හිදී රිදී සම්මාන දිනයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන People’s Leasing & Finance PLC සමාගම, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සංවිධානය කළ TAGS Awards 2023 හිදී මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, ආයතනික පාලනය සහ තිරසාරත්වය යන ගුණාංග ඇගයීමට ලක්කළ මෙම සම්මාන උළෙල 2023 දෙසැම්බර් 12 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

PLC සමාගම ‘Multi-Dimensional’ නමින් පළකළ 2022/23 වාර්ෂික වාර්තාවට මීට පෙරද සම්මාන හා ඇගයුම් රැසක් හිමි විය. මෙම වාර්තාව තුළදී බහුමාන වර්ධනය සහ තිරසාරභාවය පිළිබඳව යොමුකරන ලද තේමාත්මක අවධානය, ඩිජිටල් දියුණුව සහ ශක්තිමත් ආයතනික පාලනය උදෙසා සමාගම දක්වන කැපවීම සමග මැනැවින් සමපාත වේ.

එමෙන්ම මෙය ඒකාබද්ධ වාර්තාකරණය සම්බන්ධයෙන් PLC සමාගම මෑතකදී වාර්තා කළ ජයග්‍රහණ අතරට එක්වන නවතම ජයග්‍රහණය ලෙසද හැඳින්විය හැක. මෙම වසරේ මීට පෙර පැවති CMA Excellence in Integrated Reporting Awards 2023 හිදී, “Best Integrated Report – Finance & Leasing – State” ඇගයුම හිමිකර ගැනීමටත්, එම සම්මාන උළෙලේදී නම්කරන ලද විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තාවන් 10 අතරට එක්වීමටත් PLC වාර්ෂික වාර්තාව සමත් විය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේදී පැවති ARC සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් සහ ලෝකඩ සම්මානයක් සමග Grand Award for Infographics සම්මානය දිනාගැනීමටද PLC සමාගමට හැකියාව ලැබිණි.

“මෙවැනි ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවලදී අඛණ්ඩව ඇගයීමට ලක්වීම, ඒකාබද්ධ වාර්තාකරණය සහ විනිවිදභාවයෙන් යුත් මූල්‍ය සන්නිවේදනය සඳහා අප දක්වන කැපවීමට සාක්ෂි දරනවා. මේවා හුදෙක් සම්මාන පමණක් නොව, අපගේ මෙහෙයුම් කටයුතුවල සෑම අංශයක් තුළදීම අප විශිෂ්ටත්වය හා තිරසාරත්වය වෙනුවෙන් කැපවන බව නැවත නැවතත් තහවුරු කරන සාධක ලෙස හැඳින්වීමට පුළුවන්.” People’s Leasing & Finance PLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශමීන්ද්‍ර මර්සිලීන් මහතා පැවසී ය.

“පසුගිය කාලය තුළ දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්වීමෙන් අනතුරුව මෙලෙස TAGS සම්මාන උළෙලේදීද ඇගයීමට ලක්වීම මගින් පෙනී යන්නේ, විනිවිදභාවය සහ වගකීම්සහගත මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ පුරෝගාමියෙකු බවට පත්වීමට අප සමත් වී ඇති බවයි. 2014 වසරේදී අප ආරම්භ කළ මෙම ඒකාබද්ධ වාර්තාකරණ ප්‍රයත්නය තුළ අප නිරන්තරයෙන් විශ්වාසනීයත්වය සහ සංසන්දනාත්මක හැකියාව වැනි මූලධර්මයන්ට මුල්තැන දෙමින්, තිරසාර හා පාරිභෝගික කේන්ද්‍රීය අනාගතයක් කරා ගමන් කරමින් සිටිනවා.” PLC සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ඔමාල් සුමනසිරි මහතා පැවසී ය.
\
මහජන බැංකුවට අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හෙවත් PLC මෙරට බලපත්‍රලාභී, බැංකු නොවන මූල්‍ය සමාගමකි. 1996 වසරේ සිටම නවෝත්පාදනය ඔස්සේ මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දීමට මෙන්ම, ශක්තිමත් ආයතනික පාලන පදනමක් නිර්මාණය කරගැනීමටත්, ඒ ඔස්සේ මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්වීමටත් එම සමාගමට හැකි වී ඇත. දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී එම සමාගමට විවිධ සම්මාන හා ඇගයුම් හිමි වී ඇති අතර, එය මූල්‍ය වාර්තාකරණය සහ ආයතනික විනිවිදභාවය සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට සමාගම දරන උත්සාහයට මනා සාක්ෂියකි.

PR

Post Views: 108
Previous Post

Lassana Agri වෙතින් මෙරට කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇතිකරන පුරෝගාමී පියවරක්

Next Post

ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ජනාධිපති ලේකම්ට බාර දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ජනාධිපති ලේකම්ට බාර දෙයි

ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ජනාධිපති ලේකම්ට බාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved