කාන්තාවන්ගේ ශ්‍රමය නිසි ලෙස ඇගයීමට ලක්වන සාධාරණ සමාජයක් සහ ශක්තිමත් ‘සුරැකුම් ආර්ථිකයක්’ (Care Economy) ගොඩනැගීම වෙනුවෙන් ජාතික සුරැකුම් පද්ධතියක් සැකසීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. නිවස තුළ සහ ඉන් බැහැරව කාන්තාවන් ඉටුකරන වැටුප් රහිත සේවා සහ රැකවරණ කටයුතු ජාතික ආර්ථිකයේ වැදගත් කොටසක් ලෙස හඳුනාගත යුතු බව අගමැතිනිය මෙහිදී පෙන්වා දුන්නාය. කාන්තාවන්ට සමාන අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ ආර්ථික දායකත්වය සුරක්ෂිත කිරීම තුළින් රටේ සමස්ත සංවර්ධනය වේගවත් කළ හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සහ ප්‍රතිපත්තිමය ව්‍යුහය සකස් කිරීමට රජය කැපවී සිටින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
















