හිටපු ඊශ්‍රායල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හර්සි හලෙවි (Herzi Halevi) මහතාට අයත් රහස්‍ය ලේඛන දුසිම් ගණනක් සහ ඔහුගේ පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමට ඉරාන හැකර්වරුන් පියවර ගෙන තිබේ. “මෙය ආරම්භය පමණයි” යනුවෙන් අනතුරු ඇඟවීමක් ද නිකුත් කරමින් සිදු කර ඇති මෙම දත්ත සොරාගැනීම, ඊශ්‍රායල ආරක්ෂක අංශවල සයිබර් ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු මතු කර ඇති බව වාර්තා වේ.
ප්‍රකාශයට පත් කරන ලද ලේඛන අතර හලෙවි මහතාගේ නිල කටයුතුවලට අදාළ තොරතුරු මෙන්ම අතිශය පෞද්ගලික දත්ත ද පවතින බව කියනු ලැබේ. ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හමුවේ දෙරට අතර සයිබර් ප්‍රහාර ද තීව්‍ර වී ඇති අතර, ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන මෙවැනි ප්‍රහාර මගින් මානසික පීඩනයක් එල්ල කිරීමට ඉරානය උත්සාහ කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මුලාශ්‍රය – @HPRRed














