අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලබන අප්‍රේල් මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.
නියමිත නීත්‍යානුකූල ක්‍රියාවලියෙන් බැහැරව, අත්තනෝමතික ලෙස ඉදිකිරීම් සැලැස්මක් අනුමත කිරීමේ චෝදනාව මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන ලෙසත්, අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. රජයේ නිලධාරීන් සිය බලතල අවභාවිත කරමින් සිදුකරන දූෂණ ක්‍රියා මැඩලීමේ වැඩපිළිවෙළ යටතේ මෙම වැටලීම සිදුකර තිබේ.














