වරකාපොළ, මෙනේරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි සැකකරුවෙකු අද (08) විශේෂ කාර්යාංශ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ. වරකාපොළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
මෙම වැටලීමේදී සොයාගත් මත්ද්‍රව්‍ය සහ උපකරණ මෙසේය. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් (ICE) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 06ක්, මත්පෙති තොගයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ. මීට අමතරව මත්ද්‍රව්‍ය කුඩා පැකට් ලෙස සකස් කිරීමට යොදාගන්නා උපකරණ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව වාර්තා වේ. ඔහු වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම මත්ද්‍රව්‍ය ජාලයේ පසුපස සිටින සෙසු පුද්ගලයන් සොයා පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














