අලුත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තමන්ට බැණ වැදුණු බව පවසමින් පොලිස් කොස්තාපල්වරයෙකු දෛනික සටහන් පොතේ සටහනක් තබා සේවය හැර ගොස් තිබේ. අදාළ නිලධාරියා ‘කම්මුල්ගාය’ රෝගී තත්ත්වය හේතුවෙන් දින 21ක නිවාඩුවක් ලබා ගැනීමෙන් පසු යළි සේවයට වාර්තා කර ඇති අතර, එහිදී ඔහු ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ ගැටලුවක් පවතින බව පවසමින් ස්ථානාධිපතිවරයා ඔහුට බැණ වැදී ඇති බව වාර්තා වේ. තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බවත්, මීට පෙර ද අවස්ථා කිහිපයකදී ස්ථානාධිපතිවරයා තමන්ට බැණ වැදුණු බවත් අදාළ කොස්තාපල්වරයා සිය සටහන මගින් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, මේ පිළිබඳව අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ, අදාළ නිලධාරියා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ නිරීක්ෂණය වූ සැක සහිත තැන් පිළිබඳව තමන් විමසීමක් කළ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














