පොලිස් වසම් තුළ අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සහ ප්‍රදර්ශන පුවරුවල ඇති විදුලි බල්බ සංඛ්‍යාව ගණනය කර තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ උසස් නිලධාරීන්ට නියෝග කර තිබේ. රජය විසින් ලබාදී ඇති ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මෙම තීරණයට හේතු වී ඇත.
පොලිස්පති අණදෙන කොට්ඨාසය මගින් මේ සම්බන්ධයෙන් වන නිල නියෝගය සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් භාර නිලධාරීන් වෙත දැනටමත් යොමු කර තිබේ. ඒ අනුව සෑම පොලිස් ස්ථානයක්ම තම බලප්‍රදේශයේ සිදුවන බලශක්ති නාස්තිය පිළිබඳව විධිමත් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ. බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය ආයතන ආදර්ශමත්ව කටයුතු කළ යුතු බව පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.














