පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් මත ශ්‍රී ලංකා පොලිසිය විසින් රට පුරා ආරම්භ කර ඇති විශේෂ අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් මාලාව යටතේ 2026 අප්‍රේල් 10 වන දින වන විට පුද්ගලයන් 34,493 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ. මෙම මෙහෙයුමේදී අපරාධවලට සෘජුවම සම්බන්ධ සැකකරුවන්, වරෙන්තුකරුවන් සහ බීමත් රියදුරන් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වැරදි 4,627ක් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇත. මහජන සාමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සියලුම පොලිස් කොට්ඨාස ඒකාබද්ධව මෙම විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.














