එළඹෙන උත්සව සමයේ ගිනිකෙළි භාවිත කිරීමේදී ආරක්ෂිතව මෙන්ම අවට සිටින ජනතාවට හිරිහැර නොවන පරිදි කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම කුඩා දරුවන් ගිනිකෙළි භාවිත කිරීමේදී වැඩිහිටියන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව පොලිසිය අවධාරණය කරයි.
ප්‍රමිතියෙන් තොර ගිනිකෙළි නිෂ්පාදනය, ප්‍රදර්ශනය සහ විකිණීම සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එසේම, උත්සව සමයේ පවත්වනු ලබන සංගීත ප්‍රසංග සහ අනෙකුත් මහජන ඒකරාශී වීම් වලදී පොලිසිය සහ ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසත්, මහජන සාමය ආරක්ෂා කිරීමට සහාය වන ලෙසත් සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් දන්වා සිටියි.














