• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘කරන්දෙණියේ සුද්දා’ගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගබඩාවක් කොටු වෙයි

කෝටි 50ක මත්කුඩු සමඟ හිටපු බුද්ධි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙක් දැලේ

2 March 2026
in දේශීය, පුවත්
‘කරන්දෙණියේ සුද්දා’ගේ  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගබඩාවක් කොටු වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාතාල කල්ලි නායක ‘කරන්දෙණියේ සුද්දා’ නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ගබඩාවක් අම්බලංගොඩ ප්‍රදේශයේදී වැටලීමට අහුංගල්ල පොලිසිය සමත් වී තිබේ. විදේශ රටවල සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන මත්ද්‍රව්‍ය තොග දකුණු පළාත පුරා බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස මෙම නිවස භාවිත කර ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සෙබළකු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි.
මෙම දැවැන්ත ජාලය හෙළි කර ගැනීමට හැකි වී ඇත්තේ බලපිටිය මාරගස් දෙක ප්‍රදේශයේදී යතුරුපැදියකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් ප්‍රවාහනය කරමින් සිටි ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය. ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ මත්ද්‍රව්‍ය පාර්සල්වල ඡායාරූප ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අම්බලංගොඩ පිහිටි මෙම රහසිගත ගබඩාව පිළිබඳ තොරතුරු අනාවරණය විය. පොලිසිය අදාළ නිවස වටලන අවස්ථාවේදී කාන්තාවක විසින් ත්‍රිරෝද රථයක් වෙත මත්ද්‍රව්‍ය බෑගයක් ලබාදෙමින් සිට ඇති අතර, එම බෑගයේ සහ ත්‍රිරෝද රථයේ තිබී හෙරොයින් කිලෝ 12ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සොයා ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා බුද්ධි සෙබළා කරන්දෙණියේ සුද්දාගේ අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට හෙළි වී ඇත. වැටලීමේදී මත්ද්‍රව්‍යවලට අමතරව පිස්තෝල ජීව උණ්ඩ 60ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒවා කිසියම් ප්‍රහාරයක් සඳහා රැගෙන යාමට සූදානම් කර තිබූ ඒවා බවට සැක කෙරේ. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත අහුංගල්ල පොලිස් ස්ථානාධිපති අමිත් ජයමහ මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරති.
Post Views: 3
Previous Post

බූලිවලට තෙල් ලබාදුන්නොත් පිරවුම්හල් බලපත්‍රය අහෝසි කෙරේ

Next Post

ට්‍රම්ප් අමෙරිකාව ප්‍රථමයෙන් යන්න ඊශ්‍රායලය ප්‍රථමයෙන් ලෙස වෙනස් කරලා -ඉරානයෙන් චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් අමෙරිකාව ප්‍රථමයෙන් යන්න  ඊශ්‍රායලය ප්‍රථමයෙන් ලෙස වෙනස් කරලා -ඉරානයෙන් චෝදනා

ට්‍රම්ප් අමෙරිකාව ප්‍රථමයෙන් යන්න ඊශ්‍රායලය ප්‍රථමයෙන් ලෙස වෙනස් කරලා -ඉරානයෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්රිය ගමනාගමන පද්ධතියේ  ඩිජිටල් පෙරළියක්

දුම්රිය ගමනාගමන පද්ධතියේ ඩිජිටල් පෙරළියක්

28 March 2026
FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ  පෞද්ගලික ගිණුමක්  ඉරාන හැකර්වරුන් අතට

FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් ඉරාන හැකර්වරුන් අතට

28 March 2026
ධවල මන්දිරයෙන් නව දුරකතන  යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල  ඓතිහාසික වෙනසක්

ධවල මන්දිරයෙන් නව දුරකතන යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල ඓතිහාසික වෙනසක්

28 March 2026
ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල්  සිය ගණනක් හිස්වෙයි

ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල් සිය ගණනක් හිස්වෙයි

28 March 2026

Recent News

කන්තලේ ගල්මැටියාව වැව පාර  රුපියල් මිලියන 8.5ක වියදමින්  නවීකරණය වෙයි

කන්තලේ ගල්මැටියාව වැව පාර රුපියල් මිලියන 8.5ක වියදමින් නවීකරණය වෙයි

28 March 2026
දුම්රිය ගමනාගමන පද්ධතියේ  ඩිජිටල් පෙරළියක්

දුම්රිය ගමනාගමන පද්ධතියේ ඩිජිටල් පෙරළියක්

28 March 2026
FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ  පෞද්ගලික ගිණුමක්  ඉරාන හැකර්වරුන් අතට

FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් ඉරාන හැකර්වරුන් අතට

28 March 2026
ධවල මන්දිරයෙන් නව දුරකතන  යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල  ඓතිහාසික වෙනසක්

ධවල මන්දිරයෙන් නව දුරකතන යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල ඓතිහාසික වෙනසක්

28 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කන්තලේ ගල්මැටියාව වැව පාර  රුපියල් මිලියන 8.5ක වියදමින්  නවීකරණය වෙයි

කන්තලේ ගල්මැටියාව වැව පාර රුපියල් මිලියන 8.5ක වියදමින් නවීකරණය වෙයි

28 March 2026
දුම්රිය ගමනාගමන පද්ධතියේ  ඩිජිටල් පෙරළියක්

දුම්රිය ගමනාගමන පද්ධතියේ ඩිජිටල් පෙරළියක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved