කටාන සහ දොම්පේ පොලිස් වසම් තුළ ඊයේ (13) රාත්‍රියේ සිදුවූ වෙනම පිහි ඇනුම් සිද්ධීන් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. පළමු සිද්ධිය කටාන පොලිස් වසමේ මහාහුනුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන අතර, එහිදී පුද්ගලයෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
දෙවන සිද්ධිය කෑරගල පොලිස් වසමට අයත් මහපෙළහැල ප්‍රදේශයෙන් වාර්තා වන අතර, එහිදී දොම්පේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු තවත් අයෙකු සමඟ ඇති වූ වාද විවාදයකින් පසු පිහි ඇනුමකට ලක්ව මියගොස් ඇත. දොම්පේ සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ සිරුර මේ වන විට ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධීන් දෙකටම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.














