ඇටම්පිටිය පොලිස් වසමේ, බණ්ඩාරවෙල ඌව හයිලන්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක අතුරුදන් වී ඇති බවට පොලිසිය මහජනතාව දැනුවත් කරයි. පුවනාදන් පවිත්‍රා ජීවන්ති හේරත් නැමැති මෙම කාන්තාව පවුල් ආරවුලක් හේතුවෙන් නිවසින් පිටව ගොස් ඇති අතර, ඒ පිළිබඳව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් ඇටම්පිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඇයගේ උස අඩි 5ක් පමණ වන බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඇටම්පිටිය පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය කාරුණිකව ඉල්ලා සිටියි.
- ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපති: 071-8591528
- ඇටම්පිටිය පොලිස් ස්ථානය: 055-2294965














