මාතලේ පොලිස් වසමේ කළල්පිටිය ප්‍රදේශයේ පරගෙඩි ඔය අමුණට ඉහළින් පිහිටි පර්වතයක් ආසන්නයේ තිබී දිරාපත් වූ පිරිමි මළසිරුරක් පසුගිය පෙබරවාරි 10 වන දින හමු වී තිබේ. මෙම මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බැවින්, ඔහුව හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය අපේක්ෂා කරයි.
පොලිස් නිවේදනයට අනුව මියගිය පුද්ගලයාගේ වතගොත මෙසේය. ඔහු උස අඩි 06ක් පමණ වන අතර, මියයන විට කොළ පැහැයට හුරු කොළරය සහිත ටී-ෂර්ටයකින් සැරසී සිට ඇත. ඊට පිටතින් සාක්කු හතරක් සහිත කළු පැහැති ජැකට්ටුවක් හැඳ සිට ඇති අතර, එම ජැකට්ටුවේ පපු ප්‍රදේශය හරහා සුදු පැහැති හරස් ඉරක් දක්නට ලැබේ. එසේම ඔහු ලා කොළ පැහැති දිග කලිසමකින් සැරසී සිට ඇත.
මෙම මරණකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
මාතලේ පොලිස් ස්ථානාධිපති: 071-8591082
මාතලේ පොලිස් ස්ථානය














