රුපියල් 5,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) සහ පොළොන්නරුව වැඩබලන ක්වාසි විනිසුරුවරයා ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය. නඩත්තු නඩුවක විවෘත වරෙන්තුවක් අවලංගු කිරීම සඳහා අවශ්‍ය සහතික පිටපතක් ලබාදීමට මෙම අල්ලස ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.














