පොළොන්නරුව මහ රෝහලේ අපවාහන ජල ටැංකියක තිබී බිළිඳු මළ සිරුරක් අද (අප්‍රේල් 13) පෙරවරුවේ සොයාගෙන තිබේ. රෝහල් සේවකයෙකු විසින් මෙම සිරුර දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇත.
පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.පී.පී. පතිරණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද සවස් කාලයේදී සිදු කිරීමට නියමිත බවයි. මෙම බිළිඳා කවුද යන්න හෝ සිද්ධියට වගකිව යුත්තන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, පොළොන්නරුව මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














