පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් සිව් දෙනෙකු අද (03) දහවල් කාලයේදී එම මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ. මොවුන් පලායාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විශේෂ අවධානයක් යොමු කර තිබේ.
පළාගිය රැඳවියන් සොයා පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. ප්‍රදේශය පුරා ආරක්ෂාව තර කර ඇති අතර, සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී. පසුගිය කාලසීමාවේද මෙම මධ්‍යස්ථානයේ විවිධ නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වූ පසුබිමක මෙම පලායාම සිදුවීම විශේෂත්වයකි.














