ලොව පුරා පවතින දරුණු යුද ගැටුම් හමුවේ මිනිස් වර්ගයා අඩපණ නොවිය යුතු බවත් සාමය වෙනුවෙන් කැපවිය යුතු බවත් ලියෝ පාප් වහන්සේ අද (05) වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයේදී අවධාරණය කළහ විශේෂයෙන්ම ඉරාන යුද්ධය සම්බන්ධයෙන් සිය දැඩි විවේචනය ඉදිරිපත් කරන පළමු ඇමරිකානු ජාතික පාප් වහන්සේ වන ලියෝ උතුමාණෝ යුද්ධය සහ අසාධාරණය හේතුවෙන් ජාතීන් අතර පවතින බැඳීම් බිඳ වැටීමට ඉඩ නොදෙන ලෙස ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියහ බයිබලයට අනුව ජේසුස් වහන්සේ උත්ථානය වූ මෙම අතිශය පූජනීය රාත්‍රියේදී කිසිදු බියකින් තොරව සාමය වෙනුවෙන් පෙරට එන ලෙස උන්වහන්සේ බැතිමතුන් දිරිමත් කළහ
දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගී වූ මෙම උත්කර්ෂවත් දේව මෙහෙයේදී පාප් වහන්සේ වැඩිහිටියන් දස දෙනෙකු කතෝලික ධර්මය වෙත බෞතිස්ම කිරීම ද සිදු කළහ යුක්තිය වෙනුවෙන් සටන් කළ සාන්තුවරයන්ගේ ආදර්ශය අනුගමනය කරමින් සෑම තැනකම සාමය සහ සහජීවනය වර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව උන්වහන්සේ සිය දේශනයේදී පෙන්වා දුන්හ පසුගිය සති කිහිපය පුරාම ඉරාන යුද්ධයට එරෙහිව සිය හඬ අවදි කළ ලියෝ පාප් වහන්සේ යුද්ධය ආරම්භ කරන නායකයන්ගේ දෑත් රුධිරයෙන් තැවරී ඇති බවත් දෙවියන් වහන්සේ ඔවුන්ගේ යාච්ඤා ප්‍රතික්ෂේප කරන බවත් මීට පෙර ප්‍රකාශ කර තිබුණි
පසුගිය අඟහරුවාදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සෘජු ඉල්ලීමක් කරමින් මෙම විනාශකාරී යුද්ධය නතර කිරීම සඳහා විකල්ප මාර්ගයක් සොයා ගන්නා ලෙස ද පාප් වහන්සේ උපදෙස් දී ඇත අද (05) උදෑසන ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වෙන පාස්කු මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙයෙන් අනතුරුව පාප් වහන්සේ ලෝකවාසී ජනතාව අමතමින් සිය විශේෂ ආශීර්වාදය සහ පණිවිඩය ලබා දීමට නියමිතව තිබේ එහිදී වත්මන් ලෝක අර්බුද සම්බන්ධයෙන් තවදුරටත් වැදගත් කරුණු ඉදිරිපත් වනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන අතර මෙම පාස්කු පණිවිඩය සාමය අපේක්ෂා කරන සැමට මහත් අස්වැසිල්ලක් වනු ඇත














