ලොව පුරා මිලියන සංඛ්‍යාත ක්‍රීඩකයින් පිරිසක් සිටින, අතිශය ජනප්‍රිය “Rec Room” (VR) මල්ටිප්ලේයර් වීඩියෝ ක්‍රීඩාව එළැඹෙන ජුනි මස 01 වනදා සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට එහි නිෂ්පාදක සමාගම තීරණය කර තිබේ. 2021 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක අගයක් ගත් මෙම ක්‍රීඩාව මෙලෙස නවතා දැමීමට ගත් තීරණය පිළිබඳව ක්‍රීඩක ප්‍රජාව දැඩි කම්පනයට පත්ව සිටිති.
මිලියන 150කට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් සිටියද, ආයතනයේ ලාභදායීතාවය (Profitability) සම්බන්ධයෙන් පවතින ගැටලු මෙම තීරණයට හේතු වී ඇති බව සීඇටල් (Seattle) හි පිහිටි එම සමාගම නිවේදනය කළේය. කොවිඩ් වසංගත සමයේදී බොහෝ දෙනෙකුට එකිනෙකා සමඟ සම්බන්ධ වීමට මනා පිටුවහලක් වූ මෙම ක්‍රීඩාව මෙසේ සමුගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දහස් සංඛ්‍යාත පිරිසක් සිය ශෝකය පළ කරමින් සිටිති.














