මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මැයි මස 08 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය මෙම පියවර ගත්තේය. අදාළ පත්වීම් ලබාදීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය අත්තනෝමතික සහ නීතිවිරෝධී බව පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත. සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු ද සැලකිල්ලට ගත් අධිකරණය, පෙත්සම් විභාගයට ගැනීමට අදාළ නියෝගය මැයි මාසයට කල් තැබීමට තීරණය කළේය.














