බංග්ලාදේශ මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට (BNP) සහ එහි නායක තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා වෙත ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරයා සිය නිල ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බංග්ලාදේශ ජනතාව තැබූ විශ්වාසය මෙම ජයග්‍රහණය හරහා නැවත තහවුරු වී ඇති බවයි. විශේෂයෙන්ම තාරික් රහ්මාන් මහතාගේ නායකත්වය කෙරෙහි එරට ජනතාව තබා ඇති අචල විශ්වාසය මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වන බව ද ඔහු පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව රජය යටතේ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.














