ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් ආරාධනා කර තිබේ. දැනට ඉතාලියේ නිල සංචාරයක නිරතව සිටින අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ (02) වතිකානයේදී මෙම නිල ආරාධනා පත්‍රය භාර දෙනු ලැබූ බව වාර්තා වේ.
වතිකානයේ රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා (Msgr. Mihăiță Blaj) හමුවී අමාත්‍යවරයා මෙම ආරාධනය පිළිගන්වා ඇති අතර, මෙරට කතෝලික ජනතාවගේ ගෞරවය සහ ආදරය ද මෙහිදී වතිකානය වෙත ප්‍රකාශ කර ඇත.














