• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ජනාධිපති ගෝඨාභය අමතයි

22 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් – 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට සහ වඩා ප්‍රශස්ත ලෙස නැවත රටවල් යථා තත්ත්වයට ගොඩනැගීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව, කලාපීය දැනුම් කේන්ද්‍රයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා කල සම්පුර්ණ කතාව පහත පරිදි වේ.

 

සභාපතිතුමනි, මහලේකම්තුමනි,
රාජ්‍ය නායකවරුනි, ගෞරවනීය නියෝජිතයිනි,
නෝනාවරුනි, මහත්වරුනි,

ආයුබෝවන්

අද පැවැත්වෙන මෙම උත්කෘෂ්ට රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මට ගෞරවයකි.

76 වන මහා මණ්ඩල සැසිවාරයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ අතිගරු අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid) මැතිතුමන්ට මම පළමුවෙන් සුභපතමි.

සභාපතිතුමනි, ඔබ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකි. ඉදිරි වසරේ දී ඔබ සමග සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

මීට පෙර පැවති මහා සභා සැසිවාරයේ දී අතිගරු Volkan Bozkir (වොල්කන් බොස්කීර්) මැතිතුමන් දරන ලද භාරකාරත්වය අගය කිරීමට සහ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මැතිතුමන් මෙම දුෂ්කර අවස්ථාවේදී ලබාදෙන නායකත්වය අගය කොට සැලකීම සඳහා මෙය අවස්ථාවක් කර ගනිමි.

සභාපතිතුමනි, කොවිඩ් – 19 වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. වසංගත තත්ත්වය හමුවේ තම සමීපතමයන් අහිමි වූ සියලු දෙනා වෙත මාගේ සාතිශය සංවේගය පිරිනමමි.

ලොව පුරා සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය සේවකයින්ගේ කැපවීම ගැන මම ස්තූති කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ ප්‍රශංසා කරමි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට සහ වඩා ප්‍රශස්ත ලෙස නැවත රටවල් යථා තත්ත්වයට ගොඩනැගීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව, කලාපීය දැනුම් කේන්ද්‍රයක් ගොඩනැගීමට අපේක්ෂා කරයි.

වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් සහ ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දීමේදී විද්‍යාත්මක පර්යේෂකයින් හා වෛද්‍ය ප්‍රජාවන් විසින් සිදුකරන ලද වේගවත් නිර්මාණාත්මක කාර්යභාරය මම ඉතා ඉහළින් අගය කරමි.

ඒ අතරම, භයානක නව වෛරස් ප්‍රභේද පැතිරවීම වැළැක්වීම සඳහා එන්නත් නිෂ්පාදනය, බෙදාහැරීම, ලබාදීම සහ පිළිගැනීම සම්බන්ධයෙන් වන අභියෝග වහාම ජයගත යුතු බව හඳුනා ගත යුතුව ඇත.

සෑම තැනකම සෑම කෙනෙකුටම එන්නත ලබාදී ඇති බවට සහතික වීම වසංගතයෙන් මිදීමේ හොඳම ක්‍රමවේදයයි.

තවමත් සංවර්ධනය වෙමින් පවතින ජාතියක් වුවද, ශ්‍රී ලංකාව සිය එන්නත් කිරීමේ වැඩසටහන තුළ ඉතා සාර්ථක වී ඇත. වයස අවුරුදු 30ට වැඩි සියලුම පුද්ගලයින් සියලු දෙනාටම

පාහේ මේ වන විටත් පූර්ණ වශයෙන් එන්නත් ලබාදීමට අපි කටයුතු කර ඇත්තෙමු. ඔක්තෝම්බර් මස අවසානය වන විට වයස අවුරුදු 20ට වැඩි සෑම දෙනාටම පූර්ණ වශයෙන් එන්නත ලබාදෙනු ඇත. නුදුරු අනාගතයේදීම අපි අවුරුදු 15ට වැඩි දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන්නෙමු.

එන්නත්කරණ ක්‍රියාවලියේ වේගවත්භාවයට පාදක වූයේ සෞඛ්‍ය සේවකයින්, හමුදාව සහ පොලිස් නිලධාරීන්, රජයේ සේවකයින් සහ තෝරා පත් වූ ජනතා නියෝජිතයින් අතර වූ සම්බන්ධීකරණයයි.

වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන් විසින් සපයන ලද මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර වලින් ද ශ්‍රී ලංකාව විශාල ප්‍රතිලාභයක් ලැබීය. මෙම ජාතීන්ට සහ ආයතනවලට ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය පිළීබඳ මම ස්තූතිවන්ත වෙමි. මෙම පවතින අර්බුදකාරී කාලය තුළ ගෝලීය වශයෙන් දක්නට ලැබෙන ඉමහත් සහයෝගීතාවය බෙහෙවින් දිරිගන්වන සුළුයි. කෙසේ වෙතත්, කළ යුතු තවත් බොහෝ දේ ඇත.

සභාපතිතුමනි, වසංගතයේ ආර්ථික බලපෑම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි ලෙස බලපා ඇත. මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම අවධානමකට ලක්කර ඇත.

 

සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණය තුළින් සංවර්ධන මූල්‍යකරණය සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව ද දැඩි අසීරුතාවයකට පත්ව ඇත. ඛේදජනක ජීවිත හානි වලට අමතරව අපේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. අගුලු දැමීම් සහ සාමාන්‍ය සංචරණ සීමා පැනවීම්, ජාත්‍යන්තර සංචාරකයින් පැමිණීම පහළ වැටීම සහ මන්දගාමී ගෝලීය වර්ධනය අප ආර්ථිකයේ සෑම අංශයකටම බලපා ඇත.

ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයන මාර්ගයක් වන හා ජනගහණයෙන් 14%කට ආසන්න ප්‍රමාණයක් යැපෙන සංචාරක ක්ෂේත්‍රය දැඩි ලෙස කඩා වැටී ඇත. මෙම කර්මාන්තය සහ අනෙක් බොහෝ අංශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා, පොලී සහන සහ වෙනත් මූල්‍ය ආධාර ලබාදීම වැනි රජයේ ආධාර ක්‍රම මගින් සහන ලබාදුනි. දෛනික වැටුප් ලබන්නන් සහ අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා මුදල් ප්‍රදානයන් සහ වියළි සලාක ලබාදීම, අගුලු දැමීම කරන කාලසීමාවේදී ක්‍රියාත්මක කරලීම තුළින් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස වැඩිවිය.

වසංගතයේ ක්ෂණික බලපෑම්වලට අමතරව මෙම වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාකයන් අපගේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා තිබූ මූල්‍ය අවකාශය සීමා කර ඇත.
සභාපතිතුමනි, වසංගතයේ ප්‍රතිවිපාකයන් මනුෂ්‍යත්වයට බෙහෙවින් විනාශකාරී වූ අතර, ඉදිරි දශක කිහිපය තුළ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඊටත් වඩා විශාල අභියෝගයන්ට ලෝකයට මුහුණ දීමට සිදුවේ.

දේශගුණික විපර්යාසයන් පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ මෑතකාලීන වාර්තාවේ අවධාරණය කර ඇති පරිදි පෘථිවියේ සෞඛ්‍යයට මානව ක්‍රියාකාරකම්වල පෙර නොවූ විරූ බලපෑම් දැඩි කනස්සල්ලට කරුණකි. දේශගුණික විපර්යාසයන්ගෙන් හා ජෛව විවිධත්වය නැතිවීමෙන් සිදුවන බරපතළ තර්ජනයන්ට පිළියම් යෙදීම සඳහා තීරණාත්මක හා ක්ෂණික බහුපාර්ශ්වික ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.

දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙහි අනතුරුදායක බව මනාව වටහාගෙන ඇත. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මත ශ්‍රී ලංකාවේ දාර්ශනික උරුමයන් මුල් බැස ඇති අතර පාරිසරික අගය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල නීල ප්‍රඥප්තියේ පතාක යෝධයෙකු වන අතර මෙරට කඩොලාන ප්‍රතිසංස්කරණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ මෙම සන්දර්භය තුළය. වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට බලාපොරොත්තු වන, ‘තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රඥාප්තිය’ සම්මත කර ගැනීමෙන් පරිසර දූෂණය අවම කිරීමේ ගෝලීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව ද දායක වී තිබේ.

අප්‍රේල් මාසයේදී පැවති පූර්ව-සමුළුවට මාර්ගගත ක්‍රමයට (virtually) සහභාගී වීම තුළින්, මෙම මස අගදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව ගෝලීය වශයෙන් සෞඛ්‍යය සම්පන්න, තිරසර හා සාධාරණතාත්මකතාවයකින් යුතු ආහාර පද්ධති ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකාරී ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි. එවැනි ප්‍රතිඵල මානව සෞඛ්‍යයට මෙන්ම අපගේ පෘථිවියේ සෞඛ්‍යයට ද ඉතා වැදගත් වනු ඇත.

තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අංගයකි. පාංශු සාරවත් බව, ජෛව විවිධත්වය, ජල මාර්ග සහ සෞඛ්‍ය කෙරෙහි එහි පවතින හානිකර බලපෑම හේතුවෙන් මගේ රජය විසින් මේ වසර මුලදී රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක භාවිතය තහනම් කළේය

කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා කරන ආයෝඡන දිරි ගැන්වමින් පවතී. ශ්‍රී ලංකාවේ වඩාත් තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් ගෝලීය ආයතන සහ රාජ්‍යයන් බොහෝමයකගෙන් ලැබුණු දිරිගැන්වීම මම අගය කරමි.

අපේ පරිසරය සුරැකීම අපේ ප්‍රධාන ජාතික ප්‍රමුඛතාවයකි. ඉදිරි දශක කිහිපය තුළ දී වනාන්තර ආවරණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම අපගේ අරමුණයි. රට පුරා පිහිටි ගංගා 100 කට අධික ප්‍රමාණයක් පිරිසිදු කර ප්‍රකෘතිමත් කිරීමට සහ ගංගා හා සමුද්‍ර දූෂණයට එරෙහිව සටන් කිරීමට ද අපි කටයුතු කරමින් සිටිමු. පාරිසරික සංරක්ෂණයට සහාය දීමක් වශයෙන් තනි භාවිතය සඳහා වූ ප්ලාස්ටික් ද අපි තහනම් කර ඇත්තෙමු.

පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සහ කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත. අපගේ බලශක්ති ප්‍රතිපත්තිය මඟින් වසර 2030 වනවිට අපගේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් දක්වා සූර්යබල, සුළං සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාදෙන දායකත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

සභාපතිතුමනි, සිය ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී. ආයෝඡන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට, අප රටේ භූ උපායමාර්ගික පිහිටීම සහ අපගේ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණු ශ්‍රම බලකාය උපරිම ප්‍රයෝජනයට ගැනීමට අපි අදහස් කරන්නෙමු.

මේ සඳහා පහසුකම් සැලසීමට මෙන්ම අපගේ සියලුම ජනතාව සමෘද්ධිමත් කිරීම සඳහා නීතී, නියාමන, පරිපාලන හා අධ්‍යාපන යන ක්ෂේත්‍රයන් හි පුළුල් වූ ප්‍රතිසංස්කරණ ඇතිකිරීම කෙරෙහි මගේ රජය අවධානය යොමු කර ඇත.

නිදහස ලැබීමට පෙර සිටම ශ්‍රී ලංකාව සර්ව ජන ඡන්ද බලය භුක්ති විඳ ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අපේ ජීවන රටාවේ ඉතා වැදගත් අංගයකි. වසර 2019 දී මාව තෝරා පත්කරගැනීම සහ 2020 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණය තුළින් පිළිබිඹු වුයේ සමෘද්ධිමත් සහ ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා සහ ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් විසින් මාගේ රජයට ලබාදුන් ප්‍රබල ජනවරමයි.

වසර 2019 දී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී, අන්තවාදී ආගමික ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද විනාශය ශ්‍රී ලංකාව අත්වින්දේය. එයට පෙර, වසර 2009 වන තෙක් ශ්‍රී ලංකාව වසර 30 ක බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයකින් පීඩා වින්දේය. ත්‍රස්තවාදය යනු ගෝලීය අභියෝගයක් වන අතර එය ජය ගැනීමට නම්, විශේෂයෙන්ම බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව අවශ්‍ය වේ.

පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය අහිමිකර ඇත. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වීම සඳහා මගේ රජය කැපවී සිටී. එම නිසා, ඒ පිටුපස ඇති මූලික ගැටලු විසඳීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු.

කල් පවත්නා සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආයතන තුළින් වැඩි වගවීමක්, ප්‍රතිස්ථාපන යුක්තියක් සහ අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වේ. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සඳහා සාධාරණත්වයෙන් යුතු සහභාගීත්වය සහතික කිරීම ද එසේම විය යුතුය.

ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත්, ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම මාගේ රජයේ දැඩි අරමුණයි.

මෙම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට අප සූදානම්.

කෙසේ වෙතත්, ස්ථිරසාර ප්‍රතිඵල ලබා ගත හැක්කේ ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන දේශීය ආයතන තුළින් පමණක් බව ඉතිහාසය පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතන වලට තම කාර්යයන් හා වගකීම් ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතුය.

ගරු සභාපතිතුමනි, ගරු නියෝජිතවරුනි,අද අපගේ මහා සමුළු විවාදයේ තේමාවට අනුකූලව අප බලාපොරොත්තුසහගත බව තුළින් සැබැවින්ම ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනඟා ගැනීමට නම්, අප සැම දෙනාම පොදු යහපත සඳහා කටයුතු කළ යුතුයි.

සියළුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස සැලකීමෙන් සහ ඔවුන්ගේ යාන්ත්‍රණයන් හා උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකීමෙන් මේ සඳහා පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයයි.

ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස මම එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමි.

සියලු මනුෂ්‍ය වර්ගයාට යහපත් හා තිරසර අනාගතයක් ඇති කිරීම සඳහා සැබෑ සහයෝගීතාවයෙන්, ත්‍යාගගශීලීව හොඳ හිත පෙරදැරිව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එකට වැඩ කරන ලෙස මෙම උත්තරීතර සභාවේ සාමාජික රටවලින් මම ඉල්ලා සිටිමි.

ඔබට ස්තුතියි!

Post Views: 10
Previous Post

INSEE සිමෙන්ති කොවිඩ් ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට සහන සලසයි

Next Post

වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

editor

editor

Next Post

වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා - රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved