• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත්ගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

18 November 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සංවත්සරය වෙනුවෙන් මෙරට අභිමානය විදහ දැක්වෙන දැවැන්ත චිත්‍ර තරගයක් සහ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත්, මෙරට දක්ෂ චිත්‍ර ශිල්පීන් සියලුදෙනා ඊට දායක කර ගන්නා අතරම නවක චිත්‍ර ශිල්පීන්ට ද තම දක්ෂතා එළිදැක්වීමට එය මහඟු අවස්ථාවක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවති ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතාගේ 50 වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (17) පස්වරුවේ එක් වෙමිනි. චිත්‍ර ප්‍රදර්ශනය නොවැම්බර් 18, 19 සහ 20 තෙදින කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍ර ප්‍රදර්ශනය නරඹන අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි පාසල් දැරියන් දෙදෙනකු විසින් මෙරට අධ්‍යාපන ක්‍රමය සකස්විය යුතු ආකාරය පිළිබඳ සම්පාදනය කරන ලද සැලැස්මක් ද එතුමා වෙත පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” එච්. එස් සරත් මහතා සමඟ මගේ සම්බන්ධය දශක හතරකට වැඩි කාලයක් වෙනවා. මා යෞවන කටයුතු හා අධ්‍යපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මෙතුමාගේ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට සහභාගි වුණා. ඒ වගේම යෞවන කටයුතු හා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩවලටත් ඔහුව සහභාගි කරවා ගත්තා. චිත්‍ර කලාව පිළිබඳ එතුමාගේ ඇති දක්ෂතාව ඒ තුළින් හඳුනා ගැනීමට මට අවස්ථාව ලැබුණා. අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපායට ගෙන ගිය අවස්ථාවේදී මම එච්. එස් සරත් මහතා ගෙන් ඇහුවා ඇමතිතුමාගේ කාර්යාලයට චිත්‍රයක් ලබා දෙන්න පුළුවන්ද කියලා. එදා ඔහු සැළලිහිණි සංදේශය පිළිඹිබු කෙරෙන විශාල චිත්‍රයක් ලබා දුන්නා. මම දන්න විදිහට අවාසනාවට අද එම චිත්‍රය අමාත්‍යාංශයේ නැහැ. විශාල මුදලකට දවසක අළෙවි කළ හැකි නිසා එය කවුරු හරි ගෙදර ගෙනිහින් තියා ගෙන ඇති. කෙසේ වෙතත් එච්. එස් සරත් මහතා විවිධ ආකාරයේ වැඩ කටයුතුවලට සහභාගි වුණා. ඔහුගේ දක්ෂතා පිළිබඳව අමුතුවෙන් කිව යුතු නෑ. මේ චිත්‍ර බැලුවම එය වටහා ගත හැකියි. ලබන වසරේ තමයි අපේ 75 වැනි නිදහස් සංවත්සරය පැවැත්වෙන්නේ. සරත් මහතා වගේම දක්ෂ තරුණ චිත්‍ර කලාකරුවන් සිටිනවා. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, අනෙකුත් චිත්‍ර ශිල්පීන් ද හවුල් කර ගනිමින් එම තරුණ පිරිස එකතු කර ගෙන දැවැන්ත චිත්‍ර තරඟයක් සහ ප්‍රදර්ශනයක් පැවැත්වීමට මම හිතුවා. සුදුසු ස්ථානයක මේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්න පුළුවන්. ඒ තුළින් එච්. එස් සරත් මහතා මෙන් තවත් දක්ෂ චිත්‍රශිල්පීන් අපේ රට තුළ බිහි වේවි. යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.

 

 

 

President opens the 50th Solo Art Exhibition of Veteran artist H.S. Sarath

It is expected to organize a grand art competition and exhibition in line with the 75th Anniversary of Independence next year that will showcase the country’s pride. All the talented artists of the country will be contributing to this endeavour while it will be a great opportunity for the new artists to showcase their talents, said President Ranil Wickremesinghe.

The President made these remarks while opening the 50th Solo Art Exhibition of Veteran Artist Mr. H.S. Sarath, at Lionel Wendt Art Centre in Colombo yesterday (17). While viewing the art exhibition, two girls who were present at the art the exhibition handed over a plan to the President on how to improve the education system in this country.

President Ranil Wickramasinghe, further stated:

My relationship with Mr. H.S. Sarath goes back to more than four decades. During my tenure as the Minister of Youth Affairs and Education, I attended one of his art exhibitions. He was also made to participate in the work of the Ministry of Youth Affairs and Education. Through that, I got the opportunity to recognize his artistic talent.

When the Ministry of Education was moved to the Isurupaya Building, I asked Mr. H.S. Sarath if he could provide a painting for the Minister’s Office. He obliged by providing a large painting depicting the “Salalihini Sandeshaya”. Unfortunately, that painting is no longer in the Ministry today. Someone must have taken it home and kept it because it can be sold for a large sum. However, Mr. H.S. Sarath participated in various types of work. His talent needs no introduction as it is obvious to anyone who has seen his artistic work.

Our 75th Anniversary of Independence will be celebrated next year. There are talented young artists like Mr. Sarath. I thought of organizing a grand art competition and exhibition under the leadership of Mr. Sarath and with the participation of other talented young artists, at a suitable place. Through that, more talented artists like Mr.H. S. Sarath will emerge from our country.

Chief Justice Jayantha Jayasuriya, President of Sri Lanka Foundation Saman Athavudahetti and others participated at this event.

The art exhibition will be held on November 18, 19 and 20th at the Lionel Wendt Art Gallery in Colombo.

 

 

 

75ஆவது சுதந்திர தினத்தை முன்னிட்டு நாட்டின் பெருமையை பறைசாற்றும் மாபெரும் ஓவியப் போட்டி! ஜனாதிபதி

அடுத்த வருடத்தின் 75 ஆவது சுதந்திர தினத்தை முன்னிட்டு நாட்டின் பெருமையை பறைசாற்றும் வகையில் மாபெரும் ஓவியப் போட்டி மற்றும் கண்காட்சியை ஏற்பாடு செய்ய எதிர்பார்த்துள்ளதாக ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் தெரிவித்தார்.

நாட்டின் திறமையான கலைஞர்கள் அனைவரையும் இதில் இணைத்துக் கொள்ள உள்ளதாகவும், புதிய கலைஞர்களுக்கு தங்கள் திறமைகளை வெளிப்படுத்த இது ஒரு சிறந்த வாய்ப்பாக அமையும் என்றும் ஜனாதிபதி தெரிவித்தார்.

கொழும்பு லயனல் வென்ட் கலையரங்கில் நேற்று (17) பிற்பகல் நடைபெற்ற சித்திரக் கலைஞர் எச். எஸ் சரத்தின் 50 ஆவது தனிப்பட்ட ஓவியக் கண்காட்சியை திறந்து வைத்து உரையாற்றும் போதே ஜனாதிபதி இதனைத் தெரிவித்தார்.

ஜனாதிபதி கண்காட்சியை பார்வையிடும் சந்தர்ப்பத்தில், கண்காட்சியை பார்வையிட வந்த இரு பாடசாலை மாணவிகளால், இந்நாட்டின் கல்வி முறையை எவ்வாறு தயாரிப்பது என்பது குறித்து தொகுக்கப்பட்ட திட்டமும் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்களிடம் கையளிக்கப்பட்டது.

மேலும் அங்கு கருத்துத் தெரிவித்த ஜனாதிபதி ரணில் விக்கிரமசிங்க அவர்கள், ” எச். எஸ்.சரத்துடனான எனது உறவு நான்கு தசாப்தங்களுக்கும் மேலாக தொடர்கிறது. நான் இளைஞர் விவகார அமைச்சராகவும், கல்வி அமைச்சராகவும் இருந்த காலத்தில் அவரது கண்காட்சிகளில் கலந்து கொண்டேன்.

இளைஞர் விவகாரங்கள் மற்றும் கல்வி அமைச்சின் பணிகளில் அவரைப் பங்கேற்கவும் செய்தேன். அதன் மூலம் அவருடைய சித்திரக் கலை தொடர்பான திறமையை அடையாளம் காணும் வாய்ப்பும் கிடைத்தது.
கல்வி அமைச்சு இசுருபாயவிற்கு மாற்றப்பட்டபோது, எச். எஸ்.சரத்திடம் அமைச்சர் அலுவலகத்திற்கு ஒரு ஓவியத்தை வழங்க முடியுமா என்று அவரிடம் கேட்டேன். அன்று அவர் செலலிஹினியை சித்தரிக்கும் பெரிய ஓவியம் ஒன்றைக் கொடுத்தார்.எனக்குத் தெரிந்தவரை துரதிஷ்டவசமாக அந்த ஓவியம் இன்று அமைச்சில் இல்லை.
ஒரு நாள் பெரிய தொகைக்கு விற்கலாம் என்பதால் யாராவது அதனை வீட்டுக்கு கொண்டுபோய் வைத்திருக்கலாம். இருப்பினும், எச். எஸ்.சரத் பல்வேறு வகையான பணிகளில் பங்கேற்றார். அவரது திறமை பற்றி புதிதாகக் கூறத் தேவையில்லை. இந்தப் ஓவியங்களைப் பார்த்தாலே புரியும்.
நமது 75 ஆவது சுதந்திர தினத்தை அடுத்த ஆண்டு கொண்டாட தயாராகி வருகிறோம். சரத் போன்ற திறமையான இளம் கலைஞர்களும் உள்ளனர். சரத் அவர்களின் தலைமையில் மற்ற கலைஞர்கள் பங்கேற்கும் மாபெரும் ஓவியப் போட்டி மற்றும் கண்காட்சியை நடத்த நினைத்தேன்.
இந்தக் கண்காட்சியை பொருத்தமான இடத்தில் நடத்தலாம். அதன் மூலம் எச். எஸ்.சரத் போன்ற திறமையான ஓவியர்கள் நம் நாட்டில் உருவாகுவார்கள்.” என்று ஜனாதிபதி தெரிவித்தார்.

பிரதம நீதியரசர் ஜயந்த ஜயசூரிய, இலங்கை மன்றக் கல்லூரியின் தலைவர் சமன் அதாவுதஹெட்டி உள்ளிட்ட பலர் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

நவம்பர் 18, 19 மற்றும் 20 ஆம் திகதிகளில் கொழும்பு லயனல் வென்ட் கலையரங்கில் ஓவியக் கண்காட்சி நடைபெறவுள்ளது.

 

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමඟ සාකච්ඡාවක්

Next Post

74ක සාපය පාපෝච්චාරණයක් වෙච්ච අයවැයක් – සුනිල් හඳුන්නෙත්ති

editor

editor

Next Post

74ක සාපය පාපෝච්චාරණයක් වෙච්ච අයවැයක් - සුනිල් හඳුන්නෙත්ති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved