• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල් ලෝකයට මහඟු ආදර්ශයක් – රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි

22 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෘතහස්ත ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ලෝකයට අගනා ආදර්ශයක් ලබා දුන් බව රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ සේදවත්ත, වේරගොඩ පුරාණ විහාරස්ථානයේ කඨින මහා පුණ්‍යෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණු අවස්ථාවේදිය.

ජනාධිපති ධූරයේ ඒකාධිපති බලතල පාර්ලිමේන්තුව සතු කරමින් ජනාධිපතිවරයා ගත් මේ ක්‍රියාමාර්ගය නිසැකයෙන්ම රටේ අභිවෘද්ධියට හේතුවනු ඇති බව ද උන්වහන්සේ සඳහන් කළහ.

කඨීන චීවරය ඊයේ (21) පෙරවරුවේ පෙරහරකින් ජනාධිපති කාර්යාලය වෙත වැඩමවා, ඒහි තැන්පත් කර කාර්ය මණ්ඩලයට වන්දනාමාන කටයුතු සඳහා ඉඩ සලසා දීම ද සිදු කෙරුණු අතර ඊයේ පස්වරුවේ නැවතත් කඨින චීවරය පෙරහරකින් වැඩම කරවීම සිදු කෙරිණි.

අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව කඨින චීවර පූජාව සහ භික්ෂූන් වහන්සේ උදෙසා දානය පිළිගැන්වීමට ද ඒක් විය.

ඒහිදී වැඩිදුරටත් අනුශාසනා කළ ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමිපාණන් වහන්සේ මෙසේ ද පැවසූහ. “අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ සිටින කෘතහස්ථම දේශපාලන නායකයෙක් ලෙස කාගෙත් බුහුමනට පාත්‍ර වෙලා සිටිනවා. අද ලෝකයේ සියලු රටවල් අප රට දෙස බලා සිටිනවා.

තමා සතු බලතල ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පාර්ලිමේන්තුවට පැවරීමේ ඒ මහඟු ක්‍රියාවලිය ආරම්භ කර 22 වන සංශෝධනය 2/3 ක ඡන්දයෙන් ජයග්‍රාහීව අවසන් කිරීමට ලැබීම ජනාධිපතිතුමා මේ රටේ නව කාල පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේ ඉතාමත් වැදගත් ක්‍රියාදාමයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආදී සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අද අප දෙස බලා සිටින බැවින් ඒය ඉතා වැදගත් වෙනවා.

2022 වසරේ පෙබරවාරි, මාර්තු මාස වෙනකොට මේ රටේ ඉදිරිය පිළිබඳ ඉතා භයංකර තත්ත්වයක් මතුව තිබුණා. රටේ ජනතාව ඒ දෙස බලා සිටියේ ඉතා විප්ෂිප්තව. ඒම අභියෝගකාරී අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් සියලුදෙනාගේ කැමැත්තෙන් මේ අභියෝගය භාර ගැනීමට ඉදීපත් වුණේ අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා.

ඒවකට අපට ආහාර අහේනියක් තිබුණා, පොහොර නැති නිසා ආහාර නිෂ්පාදනය අඩු වුණා. තෙල් පෝළිම් තිබුණා, ගෑස් පෝළිම් තිබුණා. මේ ආකාරයේ අභියෝග රැසක් ජයග්‍රහණය කර සියලු රටවැසි ජනතාවට යම් සහනයක් ලැබෙන අයුරින් අපේ ජනාධිපතිතුමා මෙම කටයුතු අද ඉදිරියට කරගෙන යනවා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට, ඒ වගේම කාරක සභා බල ගන්වමින් විශාල සේවයක් සිදු කිරීමට කටයුතු සලස්වා තිබෙනවා. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු සංවිධාන ගණනාවක් ශ්‍රී ලංකාවට මෙම අභියෝග ජය ගැනීම සඳහා සහාය දැක්වීමට ජනාධිපතිතුමාට පොරොන්දු වෙලා තිබෙනවා.

දුෂ්කර කාලපරිච්ඡේදයක් තමයි අද අපි සියලුදෙනා ගත කරමින් සිටින්නේ. ඉතිහාසය දෙස බලන විට මේවා අපට අලුත් දේවල් නෙවේ, වළගම්බා රජ සමයේ බැමිණිතියාසාය ඇවිල්ලා මේ රටේ සම්බුද්ධ ශාසනයම නැති වෙන්න ගියා. ත්‍රවිධ රත්නයේ බලයෙන් ඒදා රට ආරක්ෂා වුණා සේම කළුවලාවක රිදිරේඛාවක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අභියෝගය භාර ගැනීම නිසා රටට සැනසුම් සුසුම් හෙළන්න අද හැකියාව ලැබී තිබෙනවා.

දීර්ඝ කාලයක් විරුද්ධ පක්ෂය ලෙස කටයුතු කළ ඒ පිරිසගේ සහයෝගයන් තමයි අද ඒතුමා සියලුදෙනාගේ බුහුමනට පාත්‍ර වෙමින් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ.

ජනාධිපති ධූරයේ ඒකාධිපති බලතල, විමධ්‍යගත කර පාර්ලිමේන්තුව සතු කරමින් ඒතුමා ගත් මේ ක්‍රියාමාර්ගය මේ රටේ අභිවෘද්ධියට හේතුවනවා නොඅනුමානයි.

ඒ වගේම් අපේ ජනාධිපතිතුමා බොහෝ ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්, බොහෝ පොත පත කියවන කෙනෙක්. ධර්මානුකූලව ජීවත්වෙන කෙනෙක්, ඒතුමා බොහෝ වෙහෙස මහන්සියෙන් දිනකට පැය 18ක් පමණ මේ රට වෙනුවෙන් තමන්ගේ කාලය යොදවමින්, දනය, ශ්‍රමය, බුද්ධිය වැය කරමින් ඉටු කරන සේවාව අගය කරමින් ඒතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා. යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

‌ෙඒතිහාසික සෝමාවති රජමහා විහාරාධිපති, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමිපාණන් වහන්සේ, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, හිටපු අමාත්‍ය දයා ගමගේ, හිටපු රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ විහාරස්ථ දායක සභාව ඇතුළු සැදැහැවත් පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

 

Post Views: 3
Previous Post

ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ට එරෙහි කුමන්ත්‍රණයක් – විපක්ෂනායක සජිත් 

Next Post

ආර්ථිකයේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තරයෙන් සහාය – රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

editor

editor

Next Post

ආර්ථිකයේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තරයෙන් සහාය - රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved